Divaina - අකුරැස්සේදී පොලිසියට වෙඩි තැබූ 9 ක් දැලේ... දෙදෙනෙක් හමුදා සෙබළු... අතුරුදන් වූ ගිනි අවි දෙකත් හමුවේ....

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new


 
 හේමන්ත රන්දුණු සහ චන්ද්‍රදාස කොඩිතුවක්කු, අකුරැුස්ස - සමන් උපුල් පිනිදිය
 
 අකුරැුස්ස තිබ්බොටුවාව ප‍්‍රදේශයේදී පොලිස් නිලධාරින් දෙදෙනකුට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධව සැකකරුවන් නවදෙනකු අත්අඩංගුවට ගත් අකුරැුස්ස පොලිසිය පානදුර උතුර පොලිසියෙන් සොරා ගන්නා ලද ටී 56 ගිනි අවි දෙකද ඊයේ (10 වැනිදා* සොයා ගෙන ඇත.
 
 police555
 
 සැකකරුවන් පොලිස් නිලධාරින් දෙදෙනාට වෙඩි තැබීම සඳහා යොදාගෙන ඇත්තේද පානදුර පොලිසියෙන් සොරා ගන්නා ලද ටී 56 ගිනි අවි දෙකෙන් එකක් බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
 
 අත්අඩංගුවට ගත් සැකකරුවන් නව දෙනා අතුරින් දෙදෙනකු පානදුර ප‍්‍රදේශයේ හමුදා කඳවුරක රාජකාරි කරන සෙබළුන් බව පොලිසිය පවසයි.
 
 මාතර කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනිල් ප‍්‍රියන්ත මහතාගේ අධීක්‍ෂණය යටතේ පුළුල් විමර්ශනයක් පැවැත් වූ අකුරැුස්ස පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක පේ‍්‍රමලාල් සිල්වා මහතා ඇතුළු නිලධාරීන් මෙම ප‍්‍රහාරයට සම්බන්ධ සියලූ සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර පානදුර පොලිසියෙන් සොරා ගන්නා ලද ටී 56 ගිනි අවිදෙක සොයාගෙන ඒ සම්බන්ධයෙන් සියලූ තොරතුරු හෙළි කර ගෙන ඇත.
 
 පානදුර කඳවුරේ සේවය කරන හමුදා සෙබළකු විසින් පානදුර පොලිසියෙන් සොරා ගන්නා ලද ටී 56 ගිනි අවිදෙක අකුරැුස්ස ප‍්‍රදේශයේ කොල්ල කණ්ඩායමකට රුපියල් ලක්‍ෂයකට අලෙවි කර තිබූ බව විමර්ශනවලින් හෙළිව තිබේ.
 
 ඉකුත් 06 වැනිදා අලූයම 2.00 ට පමණ අකුරැුස්ස තිබ්බොටුවාව මංසන්ධියේ රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරින් දෙදෙනකු අංක තහඩු නොමැතිව ධාවනය වූ යතුරු පැදියක් නතර කිරීමට නියෝග කර තිබිණි.
 
 එහෙත් පොලිස් අණ නොතකා එම යතුරු පැදිය ධාවනය කර ඇති අතර පොලිස් නිලධාරින් එය ලූහුබැඳ ගොස් ඇත.
 
 එහිදී යතුරු පැදියේ ගමන් ගත් තිදෙනාගෙන් එක් අයකු ටී 56 ගිනි අවියකින් පොලිස් නිලධාරින් දෙදෙනාට වෙඩි තැබූ අතර ඔවුන් එම ප‍්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
 
 මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත් වූ අකුරැුස්ස පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක පේ‍්‍රමලාල් ද සිල්වා මහතා ඇතුළු නිලධාරින් යතුරු පැදිය පැද වූ අකුරැුස්ස ඇල්ගිරිය ප‍්‍රදේශයේ පදිංචිකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.
 
 එම සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමේදී යතුරු පැදියේ ගමන් කළ පොලිස් නිලධාරින්ට වෙඩි තැබූ ඇල්පිටිය පිටිගල පදිංචිකරුවකු සහ ඇල්ගිරියේ පදිංචි තවත් අයකු අත්අඩංගුවට ගෙන තිබේ.
 
 මෙම සැකකරුවන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී පානදුර උතුර පොලිසියෙන් සොරා ගන්නා ලද ටී 56 ගිනි අවිදෙක පිළිබඳ සියලූ තොරතුරු හෙළි වී ඇත.
 
 මෙම සැකකරුවන් පොලිසියට පවසා ඇත්තේ අකුරැුස්ස ප‍්‍රදේශයේ ඇති බූරුපිටිවලට කඩා වැදී ඒවායේ මුදල් කොල්ලකෑම සඳහා ටී 56 ගිනි අවියද රැුගෙන යමින් සිටියදී පොලිස් නිලධාරින්ට වෙඩි තැබූ බවයි.
 
 මෙම ගිනි අවිදෙක පානදුර උතුර පොලිසියෙන් සොරාගෙන ඇත්තේ පානදුර ප‍්‍රදේශයේ හමුදා කඳවුරක රාජකාරි කරන හමුදා සෙබළකු විසින් බව අනාවරණය වී ඇත.
 
 තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයට අයත් සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා පානදුර උතුර පොලිසිය සහ එම ප‍්‍රදේශයේ හමුදා කඳවුරක නිලධාරින් පසුගිය දිනවල ඒකාබද්ධ මෙහෙයුමක් ක‍්‍රියාත්මක කර තිබිණි.
 
 ගිනි අවි සොරාගත් හමුදා සෙබළාද මෙම මෙහෙයුමට සම්බන්ධ වී සිටියේය. රාජකාරි කරන අතර තුර මෙම සෙබළා පානදුර උතුර පොලිසියේ තිබූ ටී 56 ගිනි අවිදෙකක් හොර රහසේම පොලිසිය ඉදිරිපිට කාණුවේ ස`ගවා ඇත.
 
 දින 4 කට පසු රාත‍්‍රී කාලයේ එහි පැමිණි හමුදා සෙබළා පොහොර බෑගයක දමාගෙන මෙම ටී 56 ගිනි අවි දෙක රැුගෙන ගොස් තිබිණි.
 
 පසුව මෙම සෙබළා පානදුර කඳවුරේම තවත් හමුදා සෙබළකුගේ මාර්ගයෙන් මෙම අවි දෙක අකුරැුස්ස ප‍්‍රදේශයේ මංකොල්ල කණ්ඩායමකට විකිණීමට සැලසුම් කර තිබේ.
 
 ගිනි අවි දෙක රුපියල් ලක්‍ෂයකට අලෙවි කිරීමට එක`ග වී ඇති අතර රුපියල් හැට දහසක මුදලක් ලබාදී කොල්ල කල්ලියේ සාමාජිකයන් අවි දෙක රැුගෙන ගොස් තිබිණි.
 
 අවි දෙකේ හි`ග මුදල් ඉල්ලා හමුදා සෙබළා කොල්ල කල්ලියේ සාමාජිකයන්ට නිතර බලපෑම් එල්ල කර තිබූ අතර ඔවුන්ට එම මුදල් ලබා දීමට හැකි වී නැත.
 
 අදාළ හි`ග මුදල් ගෙවා දැමීම සඳහා අකුරැුස්ස ප‍්‍රදේශයේ බූරු පොළක් කොල්ලකෑමට කොල්ලකරුවන් සැලසුම් කර ඇති අතර ඒ සඳහා යමින් සිටියදී මොවුන් පොලිසියට කොටු වී ඇත.
 
 කොල්ලකරුවන් පොලිස් නිලධාරින්ට වෙඩි තබා පලා ගොස් තිබුණේ ඒ අවස්ථාවේදීය.
 
 දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප‍්‍රනාන්දු, නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න, පොලිස් අධිකාරි අනිල් ප‍්‍රියන්ත, සහකාර පොලිස් අධිකාරි අබේගුණවර්ධන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ අකුරැුස්ස පොලිස් ස්ථානාධිපති පේ‍්‍රමලාල් සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත්වෙයි.
 

 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles