Divaina - සංස්කෘතික ආක‍්‍රමණයක් රට තුළ ක‍්‍රියාත්මකව තිබෙනවා.... රටේ අනාගතය ඉතා භයානකයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020


 ප‍්‍රධාන දේශපාලන ප‍්‍රවාහයන් සියල්ලම අන්තවාදයට උඩගෙඩි දෙනවා
 
 ඕමල්පේ - ප‍්‍රගීත් ජනක
 
galago135 තව ප‍්‍රහාර මාලාවක් එන්නට නියමිතයි. ඒක කොයි ආණ්ඩුව ආවත් නවත්තගන්න පුළුවන් කියල මං හිතන්නේ නැහැ. මොකද ඔවුන් ඉතාමත් සන්නද්ධයි රට ඇතුළේ. රටේ ප‍්‍රධාන දේශපාලන ප‍්‍රවාහයන් සියල්ලේම මේ අන්තවාදයට උඩගෙඩි දෙනවා. මුස්ලිම් ව්‍යාපාරිකයන් රැුකෙන්නේ
 
 ගොඩනැෙඟන්නේ ඔය කතාකරන මහා ප‍්‍රවාහකයන්ගේ තුරුලේ යැයි බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කීය. උන්වහන්සේ මෙම අදහස් පළ කරන ලද්දේ ඇඹිලිපිටියේදී පැවැති රැුස්වීමක් අමතමිණි. ඇඹිලිපිටිය උඩගම උත්සව ශාලාවකදී පැවැති මෙම හමුව සඳහා ඇඹිලිපිටිය නගරයේ ව්‍යාපාරිකයන්
 
 රැුසක් සහභාගි වූහ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ කියා සිටියේ ජාතියක් විදියට අපි බරපතළ අර්බුදයකට මුහුණදෙමින් ඉන්නේ. අප කාටත් පේනව මේ රට ගොඩනඟපු ජාතිය අද කනස්සල්ලකට භීතියකට අනපේක්ෂිත තත්ත්වයකට දේශපාලනික වශයෙනුත් ව්‍යාපාරික වශයෙනුත් හැම අතින්ම පත්වෙලා.
 
 ගණන් කළ නොහැකි බිංදු කොච්චරද කියල කියන්න බැරි විශාල ප‍්‍රමාණයක් සල්ලි මේ රටට ඇවිල්ල තියෙනව. ඩොලර් බිලියන ගණනාවක්. ඒ සල්ලි කොහොමද රටට ආවේ. ඒ සල්ලි මොකටද එන්නේ. සංවිධානාත්මක ආක‍්‍රමණයක් රට ඇතුළේ. අපේ භූමිය ආක‍්‍රමණය කරනවා. සංස්කෘතිය ආක‍්‍රමණය කරනවා. අරාබි සංස්කෘතිය ගොඩනඟමින් මහා සංස්කෘතියට අභියෝග කරනවා. පැය ගණනක් කතාකරන්න පුළුවන් සංස්කෘතික ආක‍්‍රමණයක් මේ වනවිට රටේ දියත්කර ඉවරයි.
 
 අපි මොනව කතා කළත් රට දෙකට බෙදිල ඉවරයි. බැංකු පද්ධතිය විනාශ කළා. දැන් පාසල් වෙනුවට අරාබි පාසල් ළදරු පාසල් ක‍්‍රමයක් තියෙනවා. ඒක අභිබවල මද්‍රසා පාසල්. කල්බදු සමාගම් හතරක් ඒ අයගේ ඒවා. උසාවි කාති උසාවි ඇවිල්ලා. කෝ එක මන්ත‍්‍රීවරයෙක් මේ ගැන කතාකරනවද. බලය තියෙනකොට මේවට විසඳුම් හොයන්නේ නැතිව මොකටද මේ ආපසු බලය ඉල්ලන්නේ.
 
 ප‍්‍රතිපත්තියක් විදියට අපි තීරණය කළා වොයිස් කට් දෙන්නෙත් නැහැ. මාධ්‍ය හමු පවත්වන්නෙත් නැහැ, මිනිස්සු මුහුණට මුහුණ හම්බවෙලා පැරණි සන්නිවේදන ක‍්‍රමය අනුව කතාකරනව.
 
 අපිට විශාල ෆයිල් මිටි ප‍්‍රමාණයක් හම්බ වුණා. මේ අපි කතාකරන වෙලාවෙත් කස්ටම් එකේ ස්කෑන් මැෂින් වැඩ කරන්නේ නැහැ. කුණු ලොරි
 
 ගෙනාව ස්කෑන් වලට අහු වුණේ නැද්ද. කොහොමද මේව වෙන්නේ. අවි ආයුධ හම්බ වුණා. මේව ඔය ස්ථාන දෙකතුනෙන් ඇතුළට එනව ඇරෙන්න වෙන ක‍්‍රමයක් නැහැ නේ. ඒ සියල්ලම ඔවුන්ගේ අතට ගිහිල්ල ඉවරයි. දේශපාලනඥයෝ විතරක් නෙවෙයි මේ රටේ නිලධාරීන් බහුතරයක් අල්ලසට යටවෙලා. ඔවුන්ට ඕන සල්ලි විතරයි.
 
 සමහර කස්ටම් එකේ නිලධාරීන්ගේ දරුවන්ට තෑගි අරන්දීල තියෙන්නේ හෙලිකොප්ටර්ස්. එහෙම තැනක මේක තියෙන්නේ. මේ ආකාරයක කෝටි තිස් හතළිස් දාහක් මාසිකව බදු ආදායම් අහිමි වෙනවා.
 
 කොහොම වුණත් අපි මේක හදන්න ඕන මේක ගැන කතාකරන්න ඕන. අපිට මේවට බයවෙලා බැහැ. මේවත් එක්ක ගැටෙන එක ත‍්‍රස්ත‍්‍රවාදයින් එක්ක හැප්පෙනව වගේ තමයි. නමුත් අපි දැන්මම මේවා කතා කරල සාකච්ඡුා කර විසඳා නොගත්තොත් ඉතා දරුණු ඛේදවාචකයකට අපිට අනාගතයේ මුහුණදෙන්න වෙනව.
 
 මේක දේශපාලඥයන්ගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ.
 

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles