Divaina - කාදිනල්තුමා ඉල්ලන කොමිෂන් සභාව බලයට පත්වූ සැණින් ඉටු කරනවා - පොපෙ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Div New365x90 SI

divaina banner new


 

gota
 සමන් ගමගේ
 
පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට ස්වාධීන කොමිෂන් සභාවක් පත්කරන ලෙස මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් කරන ඉල්ලීම ඉදිරියේදී තම රජයක් බලයට පත්වූ පසු නොපමාව ඉටුකරන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සඳහන් කරයි.
 
 රටේ තිබූ වසර 30 ක කුරිරු ත‍්‍රස්තවාදය අවුරුදු තුනක් තුළ අවසන් කිරීමට මූලිකවම දායක වු තමන්ද මෙම කරුණ හොඳින් වටහාගෙන සිටින අතර කාදිනල්තුමා කලක් තිස්සේ කරනු ලබන මෙම සාධාරණ ඉල්ලීම ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා කියා සිටියි.
 
 කතෝලික රදගුරු මණ්ඩලය සහ මැල්කම් රංජිත් කාදිනල්තුමා 2019 අපේ‍්‍රල් 21 වැනිදා පාස්කු ඉරිදා සිදුවූ ව්‍යසනය සම්බන්ධයෙන් නිකුත් කර තිබූ නිවේදනය කෙරෙහි තමන්ගේ අවධානය යොමු කළ බව සඳහන් කරන ඒ මහතා මුළු රටම කම්පනයට පත් කරමින් අහිංසක ජනතාව මරුමුවට හා අතිබිහිසුණු ලෙස තුවාල සිදු කරමින් පාස්කු ඉරිදා සිදුවූ මෙම කුරිරු ත‍්‍රස්ත ප‍්‍රහාරය නිසා මිය ගිය අයගේ ඥාතීන් සහ පීඩනයට පත්වී ඇති ජනතාවගේ ඉල්ලීම තවමත් ඉටු නොවීම නිසා උන්වහන්සේ පත්වී ඇති අපහසුතාව සහ පීඩනය තමන්ට තේරුම් ගත හැකි බවද පවසයි.
 
 කාදිනල් තුමාගේ නිවේදනය මගින් ඉල්ලා සිටිනුයේ මෙම ප‍්‍රහාරය පිටුපස සිටි සහ ඒ සඳහා කුමන්ත‍්‍රණය කළ අය, සංවිධානය කළ අය, ඊට අනුග‍්‍රහය දැක්වූ අය, වගකීම් පැහැර හැර සිය රාජකාරිය ඉටු නොකළ අය, සැකකරුවන් අත්අඩංගුවට නොගෙන හෝ ගෙන නිදහස් කළ අය, සෙවීම සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සහ වැරැදිකරුවන් වන අය නීතියේ ආධිපත්‍යය යටතට ගෙන ඒමට ජනතා අධිකාරී බලයක් ඇති ස්වාධීන කොමිෂන් සභාවක් පත් කරන ලෙස බවද ගෝඨාභය රාජපක්‍ෂ මහතා අවධාරණය කරයි.
 
 අගරදගුරුතුමා මෙම ඉල්ලීම කරනු ලබන්නේ පීඩනයට පත් සිය කතෝලික ජනතාව සම්බන්ධයෙන් පමණක් නොව සමස්ත ශ‍්‍රී ලාංකික ජනතාවගේ හිත සුව පිණිස වන අතර රට තුළ තිබූ අවුරුදු 30 ක කුරිරු ත‍්‍රස්තවාදය අවුරුදු 3 ක් තුළ අවසන් කිරීමට මූලිකවම දායක වූ තමාද මෙම කරුණ හොඳින් වටහා ගෙන ඇතැයිද කියා සිටි ඒ මහතා කාදිනල්තුමා විසින් කලක් තිස්සේ කරනු ලබන මෙම සාධාරණ ඉල්ලීම ඉටු කරන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බවද සඳහන් කරයි.
 
 මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා සමග එක්ව ක‍්‍රියාකර කුරිරු ත‍්‍රස්තවාදය පරාජය කරමින් රටේ ජනතාවට බියෙන් සැකෙන් තොර නිදහසේ ජීවත්වීමේ අවස්ථාව සලසා දීමට හැකි වූ බව රටේ ජනතාව හොඳින්ම දන්නා කරුණක් වන බව සඳහන් කරන ගෝඨාභය රාජපක්‍ෂ මහතා මැල්කම් රංජිත් කාදිනල් තුමා ස්වාධීන කොමිෂන් සභාවක් පත් කරන ලෙස කර ඇති සාධාරණ ඉල්ලීම ඉදිරියේදී තම රජයක් බලයට පත්වූ විට නොපමාව ඉටු කිරීමට පමණක් නොව මේ රටේ සමස්ත ජනතාවටම ත‍්‍රස්තවාදයෙන් හා අන්තවාදයෙන් තොර රටක් තුළ බිය සැක නොමැතිව නිදහසේ ජීවත්වීමේ අයිතිය ලබා දෙන බවද වැඩිදුරටත් සඳහන් කරයි.

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles