Divaina - කංජිපානි ඉම්රාන් බූස්සට මාරු කරයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka


 kanci
 
 සමන් ගමගේ
 
අධිකරණය මගින් වසර හයක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු සහ පාතාල අපරාධකරුවකු වන මොහොමඞ් නජීම් මොහොමඞ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ඒමෙන් පසු පෙරේදා (24 වැනිදා) වහාම බූස්ස බන්ධනාගාරයට මාරුකර යවා තිබේ.
 
 ගංජා කිලෝ ග‍්‍රෑම් පහයි ග‍්‍රෑම් 300 ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් එල්ලවූ චෝදනාවකට වරද පිළිගැනීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් කංජිපානි ඉම්රාන්ට මෙම දඬුවම නියම කරනු ලැබීය.
 
 බූස්ස බන්ධනාගාරයට රැගෙන ගිය කංජිපානි ඉම්රාන් එහි දැඩි රැකවල් මත රඳවා තබා සිටින බව බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් පැවසීය.
 
 පාතාල නායක මාකඳුරේ මධුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගැනීමෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ මාස හතරකට ආසන්න කාලයක් රැඳවුම් නියෝග මත රඳවා සිටි කංජිපානි ඉම්රාන්ට එරෙහි මත්කුඩු ජාවාරම්, කප්පම් ගැනීම් සහ මිනිස් ඝාතන ඇතුළු චෝදනා ගණනාවක් එල්ල වී ඇත.
 
 ඒ අනුව අදාළ නඩු සඳහා ඔහු ඉදිරියේදී බූස්ස බන්ධනාගාරයේ සිට රැගෙන එනු ඇතැයි පැවසේ.

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles