Divaina - ශ‍්‍රී ලංකාවේ සිට ත‍්‍රස්ත පිරිසක් ඉන්දියාවට පැනලා...තමිල්නාඩුවෙන්, කේරළයෙන් 5 ක් අල්ලයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka


 
 
 චතුර පමුණුව
 
ශ‍්‍රී ලංකාවේ සිට ත‍්‍රස්තවාදීන් පිරිසක් දකුණු ඉන්දියාවට ඇතුළු වී ඇතැයි ලැබුණු බුද්ධි තොරතුරු අනුව සිදු කළ මෙහෙයුම්වලදී තමිල්නාඩුවෙන් හා කේරළ ප‍්‍රාන්තයෙන් කාන්තාවක ඇතුළු පුද්ගලයන් පස් දෙනකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.
 
 බහරේන් සිට ඉන්දියාවට පැමිණ ඇති අබ්දුල් කාදර් රහීම් නමැති පුද්ගලයා කේරළයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සමග සිටි කාන්තාවද පොලිස් භාරයට ගෙන තිබේ. එමෙන්ම තවත් පුද්ගලයන් තිදෙනකු නවාතැන් පළක සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
 
 ලක්ෂාර් ඊ ටයිබා සංවිධානයේ සාමාජිකයන් හය දෙනකු මුහුදු මාර්ග ඔස්සේ ශ‍්‍රී ලංකාවේ සිට දකුණු ඉන්දියාවට ඇතුළුවී ඇති බවට ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවා තිබූ අතර මේ පිරිසට ලංකාවේ මුස්ලිම් ජාතිකයන් පහක් හා එක් පාකිස්තාන ජාතිකයකු අයත් බව කියවිණි. මොවුන් හින්දු ජාතිකයන් ලෙස වෙස්වලාගෙන කොයින්බතුර් වෙත ඇතුළුවී තිබේ. කොයින්බතුර් පොලිසිය මගින් මේ කණ්ඩායමට සම්බන්ධ දෙදෙනකුගේ සේයාරු පවා ප‍්‍රසිද්ධ කර තිබිණි.
 
 මේ කණ්ඩායම හා පාස්කු ප‍්‍රහාරය සිදු කළ පිරිස අතර සම්බන්ධයක් ඇතැයි ඉන්දීය බුද්ධි අංශ පවසයි.

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles