Divaina - පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ, බැඳුම්කර කොල්ලයේ සැබෑ වරදකරුවන්ට පොදුජන පෙරමුණු රජයකින් දඬුවම් ලබා දෙනවා -බන්දුල ගුණවර්ධන

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය


 
 
 ශ්‍යාම් නුවන් ගනේවත්ත
 
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි රජයකදී පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සහ මහා බැඳුම්කර කොල්ලයට අදාළව සිදු වූ සියලූ සිදුවීම්වලට සත්‍ය වශයෙන් වැරදිකරුවන් වන පුද්ගලයන් කවුද කියා සොයා බලා ඒ සඳහා දඬුවම් ලබා දීම සඳහා නිර්දේශ ලබා ගැනීම සඳහා වන පුළුල් පරීක්ෂණ සිදු කෙරෙන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (25දා) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.
 
 වත්මන් රජය යටතේ මේ ගැන නිසි විමර්ශන සිදු වී නොමැති නිසා මේ ගැන නැවත විමර්ශනයක් අනිවාර්යෙන්ම සිදු කරන බවද බන්දුල ගුණවර්ධන මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළේය.
 
 පාස්කු ඉරිදා ප‍්‍රහාරය සහ මහා බැඳුම්කර කොල්ලය ගැන මේ රජය යටතේ නිසි විමර්ශන සිදු නොවූ බැවින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි රජයකදී මේ ගැන නැවත පූර්ණ විමර්ශනයක් කරනවාදැයි මේ මාධ්‍ය හමුවේදී ‘දිවයින’ ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව කීවේය.
 
 බැඳුම්කරය ගැන යටගහපු සහ දඬුවම් නොදීපු සියල්ල සම්බන්ධයෙන් පූර්ණ බලතල සහිත කොමිෂන් සභා පත් කිරීම ගැන ඒකාබද්ධ විපක්ෂයේ නායක මට්ටමේ සාකච්ඡුා දැන් පැවැත්වෙන බවද බන්දුල ගුණවර්ධන මහතා කීවේය. විශේෂයෙන් පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන සහ මහ බැංකුවේ මුදල් කොල්ලය ගැන නැවත පූර්ණ විමර්ශනයක් කරන බවද හෙතෙම අවධාරණය කළේය.
 
 අනාගත තම රජයක් යටතේ වංචා හා දූෂණවලට සම්බන්ධ වන ඕනෑම අයකු සම්බන්ධයෙන් පක්ෂ, පාට සහ තනතුරු නොසලකා පියවර ගන්නා බවද බන්දුල ගුණවර්ධන මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
 
 එසේම ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සහ රුපියල රැක ගැනීම යන යන කාරණා දෙකම ඉටු කිරීමට මේ රජය අපොහොසත් වී ඇති බවත් ඒ නිසා අනාගත රජයකදී අනිවාර්යෙන්ම ඒ කරුණු දෙක ඉටු කිරීම සඳහා ප‍්‍රමුඛත්වය ලබා දෙන බවත් ඔහු කියා සිටියේය.
 
 අනුරාධපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෂෙහාන් සේමසිංහ මහතාද මෙහිදී කතා කළේය.
 

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles