Divaina - හමුදාවෙන් පැනගිය අයට නීත්‍යානුකූලව ඉවත් වීමේ සහතිකයක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka


  
  නොමන් පළිහවඩන
 
හමුදා සේවයෙන් පැනගිය පුද්ගලයන්ට නීත්‍යානුකූලව ඉවත්වීමේ ක‍්‍රමවේදයක් ක‍්‍රියාත්මක කරන බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ‘දිවයින’ට ඊයේ (25 දා) ප‍්‍රකාශ කළේය.
 
 හමුදාවෙන් පැන යනවාට වඩා හමුදාවෙන් ඉවත් වීමේ සහතිකය ළ`ග තබාගැනීම ඔවුනට ඉතා වැදගත් වෙන බව කී හමුදාපතිවරයා මෙසේ හමුදාවෙන් ඉවත්වීමේ සහතිකය ලබා ගැනීමේ වැඩපිළිවෙල දැන් ක‍්‍රියාත්මක වී ඇතැයිද කීවේය.
 
 මේ අනුව හමුදා සේවයෙන් පැන නොගොස් කළ යුතුව ඇත්තේ ළ`ගම පිිහිටි හමුදා කඳවුරට ගොස් මේ බව අදාළ හමුදා ප‍්‍රධානියාට දැනුම්දීම යැයිද හමුදාපතිවරයා කීවේය.
 
 දින දෙක තුනක් හෝ හමුදා සේවයේ යෙදී සිටීමේ ගරුත්වය සලකා හමුදා රාජකාරියේ රැඳී සිට මෙසේ පලාගිය අයට ඉවත් වීමේ සහතිකය ලබාදෙන අතර හමුදා සේවයෙන් පැනගිය පසු ඔහු යම්කිසි අපරාධයක්, වංචාවක්, හොරකමක් සම්බන්ධයෙන් වරදකරු වූවේ නම් ඒ බව හමුදා නිලධාරියාට සැලකර සිටීම වැදගත් බවද, එම වරදේ හැටියට ඔහු පොලිසියට ඉදිරිපත් විය යුතු යැයිද හමුදාපතිවරයා සඳහන් කළේය.

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles