Divaina - පුහුණුවීමක් අතරතුර අනතුරකින් යුද හමුදා පැරෂුට් පුහුණු උපදේශක මරුට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Div New365x90 SI

divaina banner new


ලසිත දුමින්ද, අම්පාර සුසන්ත අමරබන්දු සහ බණ්ඩාරගම ආර්.ඒ.එස්. ප්‍රේමතිලක
 
parasut1111 යුද හමුදා පැරෂුට් පුහුණු උපදේශකවරයකු පැරෂුට් පුහුණුවීමක් අතරතුරදී අනතුරකට ලක්වීමෙන් ඊයේ (20 වැනිදා) මියගොස් ඇත.
 
 අම්පාර, උහන ගුවන් හමුදා කඳවුර ආශ්‍රිත ඉහළ අහසේදී ආධුනික පැරෂුට් සෙබළුන් පුහුණු කිරීමේ යෙදී සිටියදී එම අනතුර සිදුව ඇතැයි යුද හමුදා ප්‍රකාශක බි්‍රගේඩියර් සුමිත් අතපත්තු ‘දිවයින’ට පැවසීය.
 
 මෙසේ මියගොස් ඇත්තේ යුද හමුදා විශේෂ බළකා 3 වැනි රෙජිමේන්තුවට අනුයුක්ත පැරෂුට් උපදේශකවරයකු වශයෙන් කටයුතු කළ පුහුල්වැල්ලේ පදිංචි බලලත් නිලධාරි එච්. ඒ. සී. කුමාරසිරි (42) මහතායි.
 
 ඊයේ පෙරවරු 8.00ට පමණ අම්පාර උහන ප්‍රදේශයේ අඩි 7000 ක් පමණ ඉහළ අහසේදී පැරෂුට් පුහුණුවක යෙදී සිටියදී ආධුනික පැරෂුට් සෙබළකු මොහුගේ ශරීරයේ ගැටී ඇති අතර, එහිදී පැරෂුටය පාලනය කරගත නොහැකිව ඔහු බිමට ඇද වැටී ඇතැයි අනාවරණය වී ඇත.
 
 මියගිය කුමාරසිරි මහතා වසර 22 කට අධික කාලයක් යුද හමුදා පැරෂුට් කණ්ඩායම නියෝජනය කළ දක්‍ෂතම හමුදා පැරෂුට් භටයෙක් බව ද යුද හමුදාව සඳහන් කරයි.
 
 කිරින්ද පුහුල්ඇල්ල ඕවිටිගල පදිංචි මොහු දරු දෙදෙනකුගේ පියෙකි.

 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles