Divaina - මාස 1 1/2 කදී අමාත්‍යාංශ කීපයක් වැය කළ කෝටි 2917ක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක්....

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Div New365x90 SI

divaina banner new


 
 අකිත පෙරේරා, රනිල් ධර්මසේන
 
 මාස එකහමාරකදී අමාත්‍යාංශ කිහිපයක් වැය කරන ලද රුපියල් කෝටි දෙදහස් නවසිය දාහතකට අධික(2917) මුදලක් ඉල්ලා පාර්ලිමේන්තුවට ඊයේ (20 දා) පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරනු ලැබිණි.
 
 අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු කිහිපයක් විසින් පසුගිය ජුනි පළමු වැනිදා සිට ජූලි 15 දා දක්වා වූ කාලය තුළ අදාළ මුදල වැය කර තිබේ.
 
 ඒ අනුව රා බෝතල් කිරීම සහ හකුරු නිෂ්පාදන ව්‍යාපෘතියක් සඳහා අගමැතිවරයා යටතේ ඇති ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් රුපියල් කෝටි 10 ක්ද, ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට රුපියල් කෝටි 20 ක් ද මෙම පරිපූරක ඇස්තමේන්තුව මගින් ඉල්ලා ඇත.
 
 ජනාධිපති සිනමා සම්මාන උළෙලට වැය වූ රුපියල් කෝටි දෙකක් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් ද, බස් නැවතුම්පළ සහ දුම්රිය ස්ථානවල සනීපාරක්‍ෂක පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය විසින් රුපියල් කෝටි 15 ක් ද මෙමගින් ඉල්ලා තිබේ.
 
 රජයේ මූල්‍ය ලේඛන සැකසීම සඳහා උපදේශකවරයකුට ගෙවූ රුපියල් කෝටි තුනක්, පාසල් දරුවන්ට කිරි වීදුරුවක් ලබා දීමේ වැඩසටහනට ශීතකරණ මිලදී ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය රුපියල් කෝටි හැත්තෑ එකක්, රජයේ සහන මල්ලෙන් සුපිරි වෙළෙඳසල්වලට වූ පඩුව ගෙවීම සඳහා රුපියල් විසි කෝටි තිස් ලක්‍ෂයක් ද ඉල්ලා ඇත.
 
 මුදල් කොමිෂන් සභාව, මෝටර් රථ වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් කල්බදු ක්‍රමය යටතේ ගෙන ඇති වාහන සඳහා ප්‍රාග්ධන හා පොලී වාරික ගෙවීමට රුපියල් එක් කෝටි පනස්පන් ලක්‍ෂයක්ද, කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ විදුලිබල බලශක්ති අමාත්‍යාංශයේ වාහන නඩත්තුව සඳහා රුපියල් ලක්‍ෂ අසූවක් ද මෙම පරිපූරක ඇස්තමේන්තුවෙන් ඉල්ලා තිබේ.
 
 මෙම පරිපූරක ඇස්තමේන්තුව ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ (20 වැනිදා) ඉදිරිපත් කරනු ලැබීය.

 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles