Divaina - මානව හිමිකම් කොමසාරිස් ශවේන්ද්‍රගේ පත්වීම ගැන කනගාටුව පළ කරයි එන්ජීඕ පහකින් විරෝධය

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Div New365x90 SI

divaina banner new


 
 කීර්ති වර්ණකුලසූරිය
 
 tabsයුද හමුදාපතිවරයා ලෙස ශවේන්ද්‍ර සිල්වා මහතා පත්වීම සම්බන්ධව සිය කනගාටුව පළ කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් මහත්මිය ප්‍රකාශ කර ඇත.
 
 ඔහුගේ පත්වීමත් සමග ජිනීවා යෝජනාවලිය, සංහිඳියා ක්‍රියාමාර්ග සහ හමුදා ප්‍රතිසංස්කරණ කටයුතු පසුබෑමකට ලක් විය හැකි බව ද ඇය සඳහන් කර තිබේ.
 
 ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස පත් කළ අවස්ථාවේදී ද ඇය සිය විරෝධය දැක්වූවාය.
 
 මේ අතර නව හමුදාපතිවරයා ලෙස ශවේන්ද්‍ර සිල්වා මහතා පත්වීම සම්බන්ධව මෙරට ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන පහක් ද ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කර තිබේ.
 
 මේ සම්බන්ධව ජිනීවා නුවර ආරංචි මාර්ග සඳහන් කළේ කොටි ඩයස්පෝරාව විසින් ඉදිරිපත් කළ චෝදනා පිළිගෙන මානව හිමිකම් කොමසාරිස්වරිය මෙලෙස අදහස් දක්වා ඇති බවය.

 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles