Divaina - ආරක්‍ෂක කටයුතු සඳහා නිවැරැදි දැනුමක් ඇත්තේ ආරක්‍ෂක අංශවලට පමණයි - යුද හමුදාපති මහේෂ් සේනානායක

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Derana 365x90 SI

divaina banner new

re9 3ආරක්ෂාව සැපයීම ආරක්ෂක අංශ සතු කාර්යයක් බවත් ඒ සඳහා කටයුතු කිරීම සඳහා නිවැරදි දැනුමක් ඇත්තේද ආරක්ෂක අංශවලට පමණක් යැයි ද යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පැවසීය.

යාපනය නල්ලූර් කෝවිලේ වාර්ෂික උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් යෙදවීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ඊයේ (14දා* එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුධ හමුදාපතිවරයා මේ බව කියා සිටියේය.

යාපනය නල්ලූර් කෝවිලේ වාර්ෂික උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් යෙදවීමට පියවර ගෙන ඇති බවත්

පසුගිය දා සිදු වූ ප‍්‍රහාරත් සමඟ යාපනය නල්ලූර් කෝවිලේ වාර්ෂික උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් සැපයීමට ත‍්‍රිවිධ හමුදාව මෙන්ම පොලිසියද බැඳී සිටින බව ද හමුදාපතිවරයා මෙහිදී සඳහන් කළේය.

එම නිසා මෙම උත්සවයට පැමිණෙන බැතිමතුන්ට කිසිදු බියක් ඇති කර ගැනීමට අවශ්‍යතාවක් නොමැති බවද ඒ මහතා අවධාරණය කළේය.

උතුරු ප‍්‍රදේශයෙන් ආරක්ෂාව ඉවත් කරන ලෙස ඇතැමුන් ප‍්‍රකාශ කරන බවට මාධ්‍ය විසින් ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පැවසුවේ ආරක්ෂාව සැපයීම ආරක්ෂක අංශ සතු කාර්යයක් බවත් ඒ සඳහා කටයුතු කිරීම සඳහා නිවැරදි දැනුමක් ඇත්තේද ආරක්ෂක අංශවලට පමණක් බවද අවධාරණයෙන් කියා සිටියේය.

සුජීව තත්සර

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles