Divaina - සියලූ වෛද්‍යවරුන්ට නිල නිවාස ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා - ඇමැති රාජිත සේනාරත්න

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Derana 365x90 SI

divaina banner new

re9 1සෞඛ්‍ය සේවාවේ සියලූම වෛද්‍යවරුන් සඳහා නිල නිවාස ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව සුව ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.
 
 සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් සංවර්ධනය කරමින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමේ අරමුණ පෙරදැරිව උතුරු පළාත් සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ වව්නියාව දිස්ත‍්‍රික් මහ රෝහලේ අලූතින් ඉදිකරන ලද හදිසි අනතුරු හා හදිසි ප‍්‍රතිකාර ඒකක ගොඩනැඟිල්ල විවෘත කිරීම සහ නව හෘද රෝග ප‍්‍රතිකාර සහ වෘක්කවේද ඒකකය සඳහා මුල්ගල තැබූ අවස්ථාවේදී ඇමැතිවරයා මේ බව කීය. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් රෝහල් පරිශ‍්‍රයේ දී ඊයේ (14 දා* සිදුකරන ලදි.
 
 දෙවන සෞඛ්‍ය ආංශීය සංවර්ධන ව්‍යාපෘතියේ මූල්‍ය ආධාර මත හදිසි අනතුරු හා ප‍්‍රතිකාර ඒකකය ඉදිකරන ලද අතර, ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා වැය කරන ලද මුදල රුපියල් මිලියන 130 කි. රුපියල් මිලියන 643 ක නෙදර්ලන්ත රජයේ සහන ණය ආධාර මත (ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා* වව්නියාව දිස්ත‍්‍රික් මහ රෝහලේ හෘද රෝග ප‍්‍රතිකාර සහ වෘක්කවේද ඒකකය ඉදිකිරීමට නියමිතය.
 
 මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා, ‘‘විශේෂඥ වෛද්‍යවරුන් වෛද්‍ය නිලධාරීන් සහ සියලූම වෛද්‍යවරුන් වෙත නිල නිවාස ලබාදීමේ වැඩපිළිවෙළට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව සතුටින් දැනුම් දෙනවා. ඉදිරි මාස 09 ඇතුළත වෛද්‍යවරුන් වෙනුවෙන් නිල නිවාස 5000 ක් සාදා නිම කර ලබාදීමටයි සැලසුම්කර තිබෙන්නේ. එම ව්‍යාපෘතියේ දෙවන අදියර වශයෙන් හෙද කාර්ය මණ්ඩලයට සහ පරිපූරක වෛද්‍ය කාර්යමණ්ඩලය වෙතත් නිල නිවාස ලබාදීම මාගේ අරමුණයි.’’
 
 වවුනියාව දිස්ත‍්‍රික් මහ රෝහලේදී, අද මුල්ගල් තැබුණු හෘද රෝග ප‍්‍රතිකාර සහ වෘක්කවේද ඒකකය මගින් උතුරේ රෝගීන් කොළඹට මාරු කර යවා ප‍්‍රතිකාර ලබාදීමේ පිළිවෙත වෙනස් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
 
 නෙදර්ලන්ත රජයේ සහයෝගය මත උතුරු පළාතේ සෞඛ්‍ය සේවාව සංවර්ධනය වෙනුවෙන් යූරෝ මිලියන 54.5 ක් (රුපියල් බිලියන 10 කට අධික මුදලක්* ආයෝජනය කිරීමට නියමිතයි. අනිද්දා මුල් ගල් තබන පේදුරුතුඩුව මූලික රෝහලේ හදිසි අනතුරු හා හදිසි ප‍්‍රතිකාර ඒකකය සඳහා රුපියල් බිලියනයක ආයෝජනයක්, කිලිනොච්චි රෝහලේ ප‍්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයට රුපියල් බිලියන 1.27 ක ආයෝජනයක් සහ මාන්කුලම් හි ඉදිකරන පළාත් පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙනුවෙන් රුපියල් බිලියන 1.3 ක ආයෝජනයක් සිදුකිරීමට නියමිතයි. මීට අමතරව උතුරු පළාත සඳහා අවශ්‍ය වන නවීන වෛද්‍ය උපකරණ වෙනුවෙන් රුපියල් මිලියන 4400 ක් වැය කිරීමට අපේක්‍ෂිතයි.
 
 මෙම උත්සව අවස්ථාව සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා, වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) ජනක ශ‍්‍රී චන්‍ද්‍රගුප්ත මහතා, වවුනියාව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය නන්දකුමර මහතා, නෙදර්ලන්ත නියෝජ්‍ය තානාපතිනී  Mrs Eva van woersem  පාර්ලිමේන්තු මන්ත‍්‍රී සෙල්වම් අඩෙක්ලනාදන් මහතා, එන්. ශිවශක්ති ආනන්දන් මහතා, ශිවප‍්‍රගාසම් ශිවමෝහන්, කාදර් මස්තාන් මහතා, නෙදර්ලන්ත VAMED  ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂ Mr Koen te Hinkelo   ශාඛා කළමනාකාර Mr. Miltos Denediotis  මහතා ඇතුළු නියෝජිතයන්, රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles