Divaina - ගෝඨාභය රාජපක්ෂගේ ඉදිරිපත් වීම සතුටට කරුණක් - අස්ගිරි මහනාහිමි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Derana 365x90 SI

divaina banner new

p6 1මහ සංඝරත්නයත් රටේ ජනතාවත් අපේක්ෂා කළ පරිදි ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති මැතිවරණයට ඉදිරිපත් වීම පිළිබඳව සතුටු වන බවත් ඒ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ආශීර්වාද කරන බවත් අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන මහනාහිමියෝ පැවසූහ.

ජාතික ආරක්ෂාවට ප‍්‍රමුඛතාව දී කටයුතු කරන තමන්ට රටේ ජනතාවගේ ප‍්‍රශ්න සම්බන්ධව නිසි වැටහීමක් තිබෙන බව මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා අස්ගිරි මහනා හිමියෝ හමුවේ කීවේය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනපති අපේක්ෂක ලෙස නම් කළ ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (14 දා* මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ආශීර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක අනාගත වැඩපිළිවෙළ සම්බන්ධව උන්වහන්සේ සමඟ සාකච්ඡුාවක නිරත විය.

මහනුවර ශ‍්‍රී විනයාගර් ගණදෙවි කෝවිලට ගිය රාජපක්ෂ මහතාව ශ‍්‍රී ගෝවින්ද සාමි ක‍්‍රිෂ්ණමූර්ති මහතා විසින් පිළිගනු ලැබීය. අනතුරුව ඒ මහතා මහනුවර මීරාමක්කම් මුස්ලිම් දේවස්ථානය වෙත ද ගියේය. එහි දී මුස්ලිම් ජාතික විශාල පිරිසක් සහභාගිව සිටි අතර ඔවුන් විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාව පිළිගනු ලැබිණි.

එහිදී රැුස්ව සිටි ජනතාව ඇමතූ රාජපක්ෂ මහතා රටේ ජනතා ප‍්‍රශ්න පිළිබඳ යහපත් අවබෝධයක් ඇති තමන් ඉදිරි රජයක් යටතේ ආර්ථික, ආදායම්, රැුකී රක්ෂා හා නිවාස ගැටලූ පිළිබඳව ස්ථිරසාර විසඳුම් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බව පැවසීය.

මෙහිදී අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි මැදගම ධම්මානන්ද හිමි, එම පාර්ශ්වයේ කාරක සංඝ සභික හිමිපාණන් වහන්සේ වන ආචාර්ය ගොඩගම මංගල හිමි, ආචාර්ය මුරුද්දෙණියේ ධම්මරතන හිිමි ඇතුළු මහ සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර පිරිසට ආශීර්වාද කරනු ලැබූහ.

p6 2ජාතික ආරක්ෂාවට ප‍්‍රමුඛතාව දී කටයුතු කරන තමන් ප‍්‍රශ්න රැුසකින් පීඩා විඳින වතුකරයේ ජනතාවගේ ආදායම් තත්ත්වය ඉහළ නැංවීමට කටයුතු කරන බව ද ඒ මහතා අවධාරණය කළේය.

සමන්තී වීරසේකර, සිරිල් විමලසුරේන්ද්‍ර

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles