Divaina - මහවැස්සෙන් දිස්ත‍්‍රික්ක 16ක දස දහසක් විපතේ - මරණ 2ක්: 478 ක් ආරක්ෂිත ස්ථානවල

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Derana 365x90 SI

divaina banner new

havyදිස්ත‍්‍රික්ක 16 කට බලපා තිබෙන වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ (14 දා) වන විට පවුල් 2620 කට අයත් පුද්ගලයින් 10,302 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ දෙකක් නුවරඑළිය සහ රත්නපුර අයගම ප‍්‍රදේශවලින් වාර්තා වී ඇත. මෙම තත්ත්වය මත පවුල් 116 කට අයත් පුද්ගලයින් 478 ක් ආරක්ෂිත ස්ථාන 11 ක රඳවා ඇතැයිද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

කෑගල්ල දිස්ත‍්‍රික්කයේ පවුල් 177 කට අයත් පුද්ගලයින් 739 ක්, රත්නපුර පවුල් 441කට අයත් පුද්ගලයින් 1696 ක්, කුරුණෑගල පවුල් 213 කට අයත් 680 ක් (අධික සුළ`ගින්) සහ නුවරඑළිය පවුල් 157 කට අයත් පුද්ගලයින් 644 ක් අධික වර්ෂාවෙන් පීඩාවට පත්ව සිටිති.

මෙම ආපදා තත්ත්වයෙන් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇත. නිවාස 15 ක් සම්පූර්ණයෙන් විනාශ වී තවත් නිවාස 2092 කට අර්ධහානි වී ඇත.

පෙරේදා (13 දා) දිනය තුළ ඇතිවූ අධික වර්ෂාවත් සමග කැලණි, කළු ඇතුළු ගංගා කිහිපයක් පිටාර මට්ටමට පැමිණ තිබුණත් ඊයේ (14 දා) වන විට වැඩි වර්ෂාවක් කිසිදු ප‍්‍රදේශයකින් වාර්තා නොවීම නිසා එම ගංගාවල් සාමාන්‍ය තත්ත්වයට පැමිණ ඇතැයි කොඩිප්පිලි මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා, ප‍්‍රදීප් සමරකෝන්
 

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles