Divaina - දිස්ත‍්‍රික්ක 18කට නියගය ලක්‍ෂ 6 1/2 ක් පීඩාවෙන්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Derana 365x90 SI

divaina banner new

p1 7දිවයිනේ පළාත් 08 ක දිස්ත‍්‍රික්ක 18 කට බලපා තිබෙන දැඩි නියං තත්ත්වය හේතුවෙන් ඊයේ (14 දා) වන විට පවුල් 1,85,959 කට අයත් පුද්ගලයන් 6,59,496 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙසේ නිය`ගයෙන් පීඩාවට පත්ව ඇත්තේ රත්නපුර, කෑගල්ල, පුත්තලම, කුරුණෑගල, වවුනියාව, යාපනය, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව්, මාතලේ, මහනුවර, හම්බන්තොට, පොළොන්නරුව, අනුරාධපුරය, අම්පාර, ත‍්‍රිකුණාමලය, මඩකලපුව හා මොනරාගල දිස්ති‍්‍රක්කවල ජනතාවයි.

පුත්තලමේ පවුල් 12109 කට අයත් පුද්ගලයින් 39274 ක්, යාපනයේ පවුල් 21094 කට අයත් පුද්ගලයින් 70628 ක්, මන්නාරම පවුල් 18074 කට අයත් පුද්ගලයින් 63115 ක්, මුලතිව් පවුල් 18818 කට අයත් පුද්ගලයින් 61154 ක්, මාතලේ පවුල් 15132 කට අයත් පුද්ගලයින් 53161 ක්, අම්පාර පවුල් 11536 කට අයත් පුද්ගලයින් 69957 ක්, මඩකලපුව පවුල් 24285 කට අයත් පුද්ගලයින් 79984 ක්, මොනරාගල පවුල් 17142 කට අයත් පුද්ගලයින් 57576 ක් මෙලෙස පීඩාවට පත්ව සිටිති.

නිය`ගයෙන් පීඩාවට පත් කිසිදු පුද්ගලයකු ආරක්ෂිත ස්ථානවල රඳවා නොමැති අතර ඔවුන් පදිංචි ප‍්‍රදේශවලම රැුඳී සිටින බවත් ඔවුන්ට අවශ්‍ය පානීය ජලය ඇතුළු අනෙකුත් පහසුකම් ආපදා කළමනාකරණ ඒකක මගින් ලබාදෙන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා ‘දිවයින’ට පැවසීය.

චමින්ද සිල්වා, ප‍්‍රදීප් සමරකෝන්
 

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles