Divaina - මගේ දේශපාලන ගමන තීරණය වෙන්නේ තව කෙනකුගේ අපේක්‍ෂකත්වය මත නොවේ - සජිත් පේ‍්‍රමදාස

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Derana 365x90 SI

divaina banner new

p1 2තම දේශපාලන ගමන සහ අනාගතය තීන්දු වනුයේ තවත් කෙනකුගේ අපේක්‍ෂකත්වය හෝ ගමන මත නොවේ යැයි නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවැසීය.

ඒ මහතා මේ බැව් පැවසුවේ පෙරේදා (13 දා) රාත‍්‍රියේ අරලියගහ මන්දිරයේදී පැවැති එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැුස්වීමෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

එහිදී තවදුරටත් කතා කළ අමාත්‍යවරයා මෙසේද කීවේය.

‘‘ඇත්ත වශයෙන්ම අපේ ඉදිරි ගමන තීන්දු වෙන්නේ අපේ ප‍්‍රතිපත්ති, අපේ දර්ශනය, අපේ වැඩපිළිවෙළ, අපේ ප‍්‍රතිවාදීන්ගේ පැත්තෙන් අහවලා ඉදිරිපත් වෙනවද? මේ පුද්ගලයා ඉදිරිපත් වෙනවද? කියන කාරණාව මත නොවෙයි. ඒක අපේ දේශපාලන ගමනට සැලකිය යුතු සාධකයක් නොවෙයි.

මාධ්‍ය - ඔබතුමා සම්බන්ධව ෆොන්සේකා මහත්තයා දැඩි විවේචනයක් එල්ල කරලා තියෙනවා?

අමාත්‍යවරයා - මේ රටේ ඕනෑම කෙනකුට කතා කිරීමේ නිදහස තිබෙනවා. ඕනෑම මතයක් දැරීමේ නිදහස තියෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමවේදය තුළ ඕනෑම කෙනකුට තමන් විශ්වාස කරන මතයක් දරන්නට අයිතිය තියෙනවා.

මාධ්‍ය - ජ්‍යෙෂ්ඨයි කියන මේ ඇමැතිවරුන් මන්ත‍්‍රීවරුන් ඇයි මේ ඔබතුමාට සහයෝගය දෙන්නේ නැත්තේ? නමුත් එක්සත් ජාතික පාක්‍ෂිකයන් පිළිගන්නේ ඔබතුමා නේද?

අමාත්‍යවරයා

‘‘මට කියන්න තියෙන්නේ සත්‍යය කවදා හෝ ජයගනීවි කියන එක.’’

මාධ්‍ය - එක්සත් ජාතික පක්‍ෂයෙන් ජනාධිපති අපේක්‍ෂකයෙක් දැන් තේරාගෙන ඉවරයිද?

අමාත්‍යවරයා - ‘‘ඒ හැම දෙයක්ම ඉදිරියට එළිදැක්වෙයි.’’

මාධ්‍ය - ඇතැම් අමාත්‍යවරුන් සහ මන්ත‍්‍රීවරුන් මේ වෙනකොටත් කියලා තියෙනවා සජිත් අමාත්‍යවරයාට ජනාධිපති අපේක්‍ෂකකම දුන්නේ නැත්නම් ඔවුන් අයින් වෙලා වෙනම යනවා කියලා. ඒ කතාව මොකක්ද?

අමාත්‍යවරයා - අසුබවාදීව මම කිසි දෙයක් හිතන්නේ නැහැ. හැම දෙයක්ම හොඳ ප‍්‍රායෝගිකව සුබවාදීත්වයකින් ඉදිරි ගමනක් යන පුද්ගලයෙක් විදිහට මම ධනාත්මක චින්තනය අකුරටම අනුගමනය කරන පුද්ගලයෙක්. කොහොම වුනත් සත්‍ය ඉදිරියේදී ජයගන්නවා.

මාධ්‍ය - යම් හෙයකින් ජනාධිපති අපේක්‍ෂක ධුරය වෙනස් වුණොත් ඔබතුමා මොකද කරන්නේ?

අමාත්‍යවරයා - නැහැ. එහෙම හිතන්න මට කිසිසේත්ම වුවමනාවක් නැහැ.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles