Divaina - එජාප ජනපති අපේක්‍ෂක නම් කිරීම තවත් කල් යයි - අනිද්දාත් තීරණාත්මක සාකච්ඡාවක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

p1 3- සන්ධානය පිළිබදව  අවසන් එකගතාවක් නෑ

- එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපති අපේක්‍ෂකයා නම් කිරීම තවත් කල් යනු ඇතැයි එම පක්‍ෂයේ ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය. ඊට හේතු වී ඇත්තේ එම පක්‍ෂයේ මූලිකත්වයෙන් පිහිටුවීමට යෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ නමැති නව සන්ධානය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ පක්‍ෂ නායකයන් අතර අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වීම බව ද එම ප‍්‍රකාශකයා පැවැසීය.

නව සන්ධානය පිහිටුවීම සම්බන්ධව එක්සත් ජාතික පෙරමුණ පක්‍ෂ නායකයන් අතර හමුවක් පෙරේදා (13 වැනිදා) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක සහ නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතාද සහභාගි වී ඇත.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ නමැති නව සන්ධානය පිහිටුවීමට පෙර ජනාධිපතිවරණ අපේක්‍ෂකයා නම් නොකළ යුතුය යන යෝජනාව සම්බන්ධව මෙම හමුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡුා කර තිබේ.

නව සන්ධානය පිහිටුවීම සම්බන්ධ තවත් සාකච්ඡුා වටයක් ලබන සෙනසුරාදා (17 දා) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට තීරණය කර ඇති අතර එහිදී නව සන්ධානය පිහිටුවීමට අදාළ අවසන් තීරණයකට පැමිණීමට බලාපොරොත්තු වන බවත් එජාප ප‍්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර පෙරේදා (13 දා) අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සමග පැවැති එක්සත් ජාතික පෙරමුණේ පක්‍ෂ නායක රැස්වීමෙන් අනතුරුව දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නායක, ඇමැති මනෝ ගනේෂන් මහතා ප‍්‍රකාශ කළේ ලබන සෙනසුරාදා නව සන්ධානය පිහිටුවීම පිළිබඳව අවසන් තීන්දුව ගැනීමෙන් අනතුරුව එම සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකයා ද එදිනම නම් කරන බවයි.

අකිත පෙරේරා, සුජීව තත්සර
 

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles