Divaina - අද සිට දවස් 3 ක් අගමැති යාපනයේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020


 
 
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අද, හෙට සහ අනිද්දා (14, 15, 16) දිනවල යාපනයේදී මුල්ගල තැබීම්, විවෘත කිරීම් ඇතුළු වැඩසටහන් රාශියකට සහභාගි වීමට නියමිතය.
 
 ඒ අනුව අද හවස අගමැති වවුනියාව දිස්ති‍්‍රක් රෝහලේ හදිසි අනතුරු හා ප‍්‍රතිකාර එ්කකය විවෘත කිරීම හා වකුගඩු නිවාරණ ඒකකයට මුල්ගල තැබිමට නියමිතය.
 
 අගමැතිවරයා හෙට මයිලඩි ප‍්‍රදේශයේ නිවාස විවෘත කිරීම ධීවර වරාය විවෘත කිරීම ඇතුළු වැඩසටහන් රාශියකට සහභාගි වීමට නියමිත අතර සවස නාග විහාරයේදී ආගමික වතාවත්වල නිරත වේ.
 
 අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ඉන්දීය සංස්කෘතික මධ්‍යස්ථානය නිරීක්ෂණය කෙරෙන අතර යාපනය දිස්ති‍්‍රක් සංවර්ධන කමිටු රැස්වීමට මෙන්ම කරවෙඞ්ඩි නිවාස සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වනු ඇත.

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles