Divaina - බාරහාර ඔප්පු කිරීමට වැඩිහිටි අලි ඇතුන් යොදා ගැනීම විරෝධයට ලක්වන කරුණක් නොවේ - හීලෑ අලි ඇතුන්ගේ සංගමයේ ලේකම්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020


 
 
 
 සිරිල් විමලසුරේන්ද්‍ර
 
ලෙඩ රෝග හා වෙනත් ආබාධයන්ට පාත‍්‍රවුණු අලි ඇතුන්ට සුවය පතා දළදා වහන්සේ සහ දෙවිවරුන් වෙත ඇති කරගත් බාර හාර ඔප්පු කිරීමට වැඩිහිටි අලි ඇතුන් මහනුවර ඇසළ පෙරහැරේ ගමන් කිරීම විවේචනයට හා විරෝධයට ලක්විය යුතු කරුණක් නොවේ යැයි සමස්ත ලංකා හීලෑ අලි ඇතුන්ගේ සංගමයේ ලේකම් ධම්සිරි කරුණාරත්න මහතා පැවසීය.
 
 අවුරුදු 70 ක් වූ ඇතින්නක් මහනුවර ශී‍්‍ර විෂ්ණු මහා දේවාලයේ පෙරහැරේ දිනක් ගමන් කිරීම සම්බන්ධයෙන් ඇතැම් මුහුණු පොත්වල විවේචනයක් කරන්නේ ඇතින්න සම්බන්ධයෙන් සැබෑ කරුණු නොදැනීම නිසා යැයි ධම්සිරි කරුණෘරත්න මහතා පැවසීය.
 
 කෘෂවූ සිරුරකින් යුත් ටිකිරි නමැති ඇතින්න ඉකුත් වසරේ මහනුවර ඇසළ පෙරහැරෙන් පසුව ආමාශයේ ඇතිවූ රෝගයක් සුවපත් වූ පසු කෑගල්ල දිස්ති‍්‍රක්කයේ රංදෙණියේ තිලකරත්න මහතා මෙම වසරේ ශී‍්‍ර දළදා මාලිගාවේ හෝ ශී‍්‍ර විෂ්ණු මහා දේවාලයේ පෙරහැරට සහභාගී වන බවට බාරයක් වූ බව ධම්සිරි කරුණාරත්න මහතා පැවසීය.
 
 ඒ අනුව මහනුවර ඇසළ පෙරහැරේ ශී‍්‍ර විෂ්ණු මහා දේවාලයේ එක් දිනක් හෝ දෙකක් ගමන් කරවීමට බස්නායක නිලමේ මහින්ද්‍ර රත්වත්තේ මහතාගේ අවසරය ලැබුණු බව ධම්සිරි කරුණාරත්න මහතා පැවසීය.
 
 ඒ අනුව ඉකුත් සඳුදා (12 දා) රාති‍්‍ර ශී‍්‍ර විෂ්ණු මහා දේවාල පෙරහැරෙහි ඇතින්න ගමන් කළ බවත් ධම්සිරි කරුණාරත්න මහතා පැවසීය. මෙම ඇතින්න ස්වභාවයෙන් කෘෂ සිරුරකින් යුක්ත වුවද වසර 50 ක් ලංකාවේ විවිධ පෙරහැරවලට සහභාගී වී සිටින බවත් පැවසීය.
 
 කෙසේ වුවද ශී‍්‍ර ලංකාවේ සංස්කෘතියෙහි සුවිශේෂී අංගයක් වූ පෙරහැරේ අලංකාරය සඳහා හීලෑ අලි ඇතුන් ගමන් කිරීම සම්බන්ධයෙන් දැන් විවිධ බාධක එල්ලවී තිබේ යැයි ධම්සිරි කරුණාරත්න මහතා පැවසීය.
 
 අලි ඇතුන් පෙරහැරේ ගමන් කිරීම පිළිබඳව විරෝධය දක්වන කණ්ඩායම් අශ්ව රේස් වැනි කී‍්‍රඩාවන්ට සම්බන්ධ කර ගන්නා අශ්වයන් වැනි සතුන් හා දහස් ගණනින් ඝාතනය කරන කුකුළන්, ඌරන් ගැන අනුකම්පා කරන්නේ නැතැයිද කරුණාරත්න මහතා පැවසීය.
 
 සිංහල බෞද්ධ සංස්කෘතියේ ප‍්‍රමුඛතම අංගයක් වූ මහනුවර වාර්ෂික ඇසළ පෙරහැරේ සධාතුක කරඬුව වැඩම කිරීමට සුදුසු ඇතුන් පස් දෙනකු පමණක් සිටින බවද ධම්සිරි කරුණාරත්න මහතා පැවසීය.

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles