Divaina - මහින්ද සහ ගෝඨාභය රුවන්වැලිසෑය වැඳපුදා ගනිති

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Derana 365x90 SI

divaina banner new

re13 1විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට පත්වීමෙන් පසු හා එම පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මහතා නම් කිරීමෙන් පසු ඊයේ (12 දා* ඓතිහාසික අනුරාධපුර රුවන්වැලි සෑ චෛත්‍යරාජයාණන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීමට පැමිණියහ.

මහින්ද රාජපක්‍ෂ මහතා සහ ගෝඨාභය රාජපක්‍ෂ මහතා රුවන්වැලි සෑය අභියසට පැමිණෙද්දී උතුරු මැද පළාතේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන එස්. එම්. චන්‍ද්‍රසේන, ශෙහාන් සේමසිංහ, එස්. සී. මුතුකුමාරණ යන මහත්වරු ඇතුළු අනුරාධපුර දිස්ති‍්‍රක් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පළාත් නියෝජිතයෝ විසින් පිළිගනු ලැබූහ.

විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා සහ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් රුවන්වැලි සෑ රදුන් වෙත මල් පහන් පිරිකර පූජා කළහ.

අනතුරුව ලංකාරාමාධිපති රැළපනාවේ ධම්මජෝති හිමිපාණන් විසින් පිරිස පංච ශීලයේ පිහිටු වූහ.

උඩුවේ ධම්මාලෝක හිමිපාණන් විසින් ගිලන්පස බුද්ධ පූජාව සහ බුද්ධ වන්දනාව හා ආශිර්වාද පූජාව සිදු කළහ.

ස්වර්ණමාලි චෛත්‍යාරාමාධිපති නුවර කලාවියේ ප‍්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නායක හිමියෝ අනුශාසනාවක් සිදු කළහ.

re13 2එම අනුශාසනාවෙන් පසුව උතුරු මැද පළාතේ විහාරස්ථානවලින් වැඩම කළ 1200 ක් පමණ මහා සංඝරත්නය විසින් ජය පිරිත දේශනා කළහ.

ජය පිරිත් දේශනයෙන් පසු මහා සංඝරත්නය විසින් අධිෂ්ඨාන පූජාවක් ද සිදු කළහ.

අනතුරුව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා සහ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා මහා සංඝරත්නය වෙත අටපිරිකර පූජා කළහ.

මෙම පූජෝත්සවයට දහස් සංඛ්‍යාත පිරිසක් එක්ව සිටියහ.

අනුර බාලසූරිය අනුරාධපුරයේ සිට

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles