Divaina - එජාපයේ දැවැන්තයන් වළෙන් නැඟිට ආවත් ජනපතිවරණයේදී එජාපයට නම් ජයගත නොහැකියි - උදය ගම්මන්පිල

ad 1000 90

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

re9 3ඞී. එස්., ඩඞ්ලි, සර් ජෝන්, ජේ. ආර්. සහ පේ‍්‍රමදාස යන දැවැන්තයන් පස්දෙනා වළෙන් නැඟිටල එකම පුද්ගලයකු බවට පත් වෙලා ආවත් ඉදිරි ජනාධිපතිවරණය එක්සත් ජාතික පක්ෂයට නම් ජයගත නොහැකි බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර පිවිතුරු හෙළඋරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ ඊයේ (12දා* පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.
 
 ගෝඨාභය මහතා දැන් ලෙඩෙක්. ඒ නිසා ඡුන්දය ඉල්ලන්න බෑ කිව්වා. බයිපාස් සැත්කමකින් පසු හිටියාටත් වඩා තරුණ වන බව අපි කිව්වා. දැක්කනෙ ඊයේ ජවසම්පන්න තරුණයකු වගේ වේදිකාවට නැග්ග හැටි. අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සහ ගෝඨාභය මහතා එකම වයසේ. නමුත් දෙන්න එකට ඉද්දි තාත්තයි පුතයි වගේ. අවසාන වශයෙන් රාජපක්ෂ පවුල අතරේ ගැටුම්. ඒකාබද්ධ විපක්ෂයේ ගැටුම්. බහුතරය ගෝඨාභයට විරුද්ධයි කිව්වා. එතකොට නෑ. අපි හැමෝගෙම ඒකමතිකත්වයෙන්
 
 ගෝඨාභය මහතා අපේ අපේක්ෂකයා වන බව අපි කිව්වා. තමුන්නාසේලා ඊයේ දැක්ක සියලූම පක්ෂ නායකයෝ එකතු වෙලා පොදුජන පෙරමුණේ සියලූ දෙනාම එකතු වෙලා ඒ වගේම රාජපක්ෂ පවුලේ සියලූ දෙනාම එකතු වෙලා
 
 ගෝඨාභය මහතාට ආශීර්වාද කළා. සහාය දැක්වූවා. එතුමාගේ සුබ මොහොතේදී එතුමත් එක්ක හිට ගත්තා.
 
 අවසානයේදී එජාප - ජවිපෙ ඒකාබද්ධ පචමෝල බොරු වෙලා අපි කියූ දේ සැබෑ වෙලා තිබෙනවා. ඒ නිසා අපි අද ඊළඟ අනාවැකියත් කියන්නම්. ඊයේ මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රසිද්ධ කළේ ඒකාබද්ධ විපක්ෂයේ සහ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකගේ නම නොවේ. මේ රටේ ඊළඟ ජනාධිපතිගේ නමයි. ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපති වීම කාටවත්ම නතර කරන්න බෑ.
 
 එජාපයේ ඇතැම් නායකයන් අපේ රටේ ජනතාව අද උපන් අය යැයි සිතා විවිධ ප‍්‍රචාරක ව්‍යාපෘති කරගෙන යනවා. පසුගිය වසර පහේදී එජාපය මේ රටට කළ විනාශය මතක තිබෙන හිතන්න මොළයක් තිබෙන කිසිවෙක් නැවත එජාපයට ඡුන්දය දෙන්නේ නෑ. ඒ නිසා එජාපයේ අපේක්ෂකයා කවුරු වුණත් අපට කමක් නෑ. එක්කෝ එන්නේ පසුගිය වසර පහේ අගමැති. නැති නම් කථානායක. එහෙමත් නැති නම් නියෝජ්‍ය නායක. මේ හැමෝම පසුගිය වසර පහේ රටට වුණු විනාශයට ඉහළින්ම සහ එක හා සමානව වගකිවයුතු අය.
 
 මුළු රටම ජනාධිපතිවරණයට ලැහැස්ති වන විට ජනාධිපතිවරයා පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ නීතිමය ඉඩක් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇති බව ආරංචියි. ඡුන්ද කල් දාන්න නීති ගෙනැල්ලා අපේ විරෝධය මැද පළාත් සභා මැතිවරණය කල් දාපු ආණ්ඩුවට හදිසියේ පළාත් සභා මැතිවරණය සිහිපත් වී තිබෙන්නේ ජනාධිපතිවරණ උණුසුම අවුල් කරන්න මිස වෙන දෙයකට නොවේ. අපේ බලවත් විරෝධය මැද 2017 පළාත් සභා මැතිවරණ සංශෝධන පනත ගෙනල්ලා පළාත් සභ මැතිවරණය ජනතාවගෙන් උදුර ගත්තේ වත්මන් ආණ්ඩුවයි. වසර දෙකක් තිස්සේ පළාත් සභා මැතිවරණය නොපවත්වා ඉඳලා හදිසියේම පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට සිහිපත් වෙලා තිබෙන්නේ මතුවී ඇති ජනාධිපතිවරණ උණුසුමට අයිස් බකට් ප‍්‍රහාරයක් එල්ල කරන්නයි. පළාත් සභා මැතිවරණ පනත අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවම වශයෙන් සති හතක් අවශ්‍යයි. අද සිට සති හතක් ගත්තම අප සිටින්නේ ඔක්තෝබර් මාසයේයි. සැප්තැම්බර් 07 සිට ඕනෑම දවසක ජනපතිවරණය ප‍්‍රකාශයට පත් කළ හැකියි. ඒ නිසා පළාත් සභා මැතිවරණයක් අද දින ප‍්‍රකාශයට පත්කළත් ජනපතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමට කලින් එම මැතිවරණය පවත්වා අවසන් කරන්න බෑ. ඒ නිසා පළාත් සභා මැතිවරණය දැන් පැවැත්වීමෙන් සිදු වන්නේ ජනාධිපතිවරණය අවුල් වීම පමණයි.
 
 උණ හැදුනාම කොත්තමල්ලි බිව්වාට උණ සන්නිපාතයට කොත්තමල්ලි බීලා වැඩක් නෑ. අන්න ඒ වගේ අද පවතින දේශපාලන අස්ථාවර බවට උත්තරේ ජනාධිපතිවරණය මිස සිල්ලර පළාත් සභා මැතිවරණ නොවේ. ඒ නිසා මේ ආණ්ඩුව රට අවුල් කළා හොඳටෝම ඇති. දැන්වත් ජනතාවට තමන්ට අවශ්‍ය නායකයාට රට භාර දෙන්න අවස්ථාව සලසා දෙන්න.
 
 පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක මහතා ද මෙහිදී අදහස් දැක්වීය.
 
 එරික් ගාමිණී ජිනපි‍්‍රය
 
 ඡායාරූප - නිමල් දයාරත්න

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles