Divaina - පළාත් සභා ඡුන්දය පැවැත්වීමට අදාළ ජනපතිගේ කරුණු විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණය අගෝ. 23 විභාගය අරඹයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Derana 365x90 SI

divaina banner new

පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාව පිළිබඳ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා කළ කරුණු විමසීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය අගෝස්තු 23 වැනිදා කරුණු විභාගය ආරම්භ කරනු ඇතැයි ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පැවසීය.

ඉන් අනතුරුව ඉදිරි දිනකදී ශ්‍රේෂ්ඨාධිකරණ මතය ප‍්‍රකාශයට පත් කෙරෙනු ඇති බවද ඒ මහතා ඊයේ (12දා* මාධ්‍ය වෙත සඳහන් කළේය.

නව සීමානිර්ණ වාර්තාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය නොලැබීම හේතුවෙන් පළාත් සභා ඡුන්දය නව ක‍්‍රමයට පැවැත්වීමට බාධා එල්ල වූ අතර ඒ අනුව අදාළ සංශෝධන සිදුකිරීමට එය අගමැති ප‍්‍රධානත්වයෙන් යුත් කමිටුවක් හමුවට යොමු කර තිබිණි.

එහෙත් ඒ සම්බන්ධයෙන් අවසන් පියවරක් මේ දක්වා ගෙන නොමැති අතර ඌව පළාත් සභාව හැර අනෙකුත් පළාත් සභා අටේම නිල කාලය ද අවසන්ව තිබේ.

මෙම වාතාවරණය තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාව පිළිබඳව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ව්‍යවස්ථාවේ 129 වගන්තියෙන් ඔහු වෙත පැවරී ඇති බලතල ප‍්‍රකාරව නීතිපති මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසා ඇත.

ඒ අනුව ජනපතිවරයා කළ විමසීම සම්බන්ධයෙන් එළැඹෙන අගෝස්තු 23 වැනිදා බොහෝ දුරට අධිකරණය කරුණු විභාගය ආරම්භ කරනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා වැඩිදුරටත් පැවසීය.

සුජීව තත්සර

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles