Divaina - මගේ ජීවිත කාලයම දුප්පතුන් වෙනුවෙන් කැප කරනවා - ඇමැති සජිත් පේ‍්‍රමදාස

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

re11 1 සජිත්  පිළිගැනීමේ බදුල්ලේ රැළිය
 
 අද එකක් කියා පසුව ඒවා  කඩකරන්නේ නැහැ. දිවි තිබෙන තුරා  මගේ පණමෙන් ජනතාවට මා ආදරේ  දක්වනවා. අනිවාර්යයෙන්ම නියත  වශයෙන්ම ජීවිත පරිත්‍යාගයෙන් මේ  රටේ ජනතාව වෙනුවෙන් මම  මැරෙන්න වුණත් සූදානම්. විවිධ සංකල්පයන් මත විවිධ අවස්ථාවලදී  රට සංවර්ධන කරන්න බැහැ. එයට යම්කිසි ඉලක්ක සහගත වැඩපිළිවෙළක් ක‍්‍රමානුකූලව කි‍්‍රයාත්මක කළ යුතුයි. එවිට සැබෑ වශයෙන්ම  හොඳින් රට සංවර්ධනය කරන්න පුළුවන්.
 
 දුප්පත් ජනතාවගේ දැවෙන ප‍්‍රශ්නත්, අසරණ භාවයත්, ඔවුනට සිදුවන අකටයුතුකම්ද දැනෙන විට, දකින විට මට මහත් වේදනාවක් දැනෙනවා. මේ නිසා මගේ ජීවිත කාලය තුළම දුප්පතුන් වෙනුවෙන් කැපවී සිටිනවා. මාගේ ආදරණීය පියා තම ජීවිතය මුළුමනින්ම කැප කළේ අසරණ ජනතාව වෙනුවෙන් ඒ නිසාම එතුමා ජීවිතයේ විවිධ අවස්ථාවලදී මහත් තාඩන පීඩනවලට ලක්වුණා. එතුමාගේ පසුපස කුඩා අවධියේදී ගමන්ගත් මා ඒ නිසාම පීඩිත ජනතාවගේ හිත මිතුරෙක් බවට පත් වුණා. මට අවශ්‍ය වූයේ නැහැ ධනවත් පුද්ගලයෙක් වීමට හෝ සැප සම්පත් ගොඩ ගසා ගැනීමට. මේ නිසයි අදත් මා ගම්උදා වැඩපිළිවෙළින් විවිධ ජාතීන්වල, විවිධ ආගමික පිරිස් සඳහා සමීපව කටයුතු කරන්නේ. යම්කසි අයුරකින් මට අනාගතයේදී සුදුසු අවස්ථාවක් උදාවුණොත් යහපත් ආරම්භයකින් හෙබි දසරාජ ධර්මයෙන් කටයුතු කරන යහපත් පාලකයකු වශයෙන් රටේත්, ජනතාවගේත්, සුභ සිද්ධිය පතා කටයුතු කිරීමට මම අධිෂ්ඨාන කරගෙන සිටිනවා යැයි එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක නිවාස හා සංස්කෘතික අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ බදුල්ලේ විලස්පාර්ක් පැවැති රැුලියකදී පැවැසීය. මෙම රැුලිිය සංවිධාන කර තිබුණේ බදුල්ල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර කී‍්‍රඩා අමාත්‍ය හරින් ප‍්‍රනාන්දු මහතා විසිනි.
 
 රැස්වීම පැවැති කී‍්‍රඩාංගණයට ඇතුළුවීමට නොහැකි වූ ජනතාව මහා මාර්ගයේ දෙපස සහ අවට වෙනත් ස්ථානයන්හි සිට ඩිජිටල් පුවරුවලින් රැුස්වීමේ අවස්ථාවන් නැරඹීමට සලස්වා තිබුණි. උත්සව භූමිය අසල ඉඩකඩ ප‍්‍රමාණවත් නොවූ හෙයින් බදුල්ල බන්ධනාගාරයත් විහාරමහා දේවි විiාලයත් අතර පිහිටි මහා මාර්ගයේ රතිඤ්ඤා සහ මල්වෙඩි දැල්වීමට සංවිධාකයන්ට සිදුවිය. රැුස්වීම ඇමතූ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා එහිදී මෙසේද පැවැසීය.
 
 තවමත් සැප විඳින්නේ ඉහළ පෙළේ අයයි. එහෙත් දුප්පත් ජනතාවගේ සංවර්ධනයක් මෙතෙක් සිදුවී නැහැ. ඒ තමා ලොකුම ගැටලූව වී ඇත්තේ. මට අවස්ථාවක් ලදහොත් ලංකාවේ වැඩිම ජනතාවක් ලෙස වාසය කරන දුප්පතාගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට කටයුතු කරනවා.
 
 රණවිරුවන්ට අපගේ ප‍්‍රණාමය හිමිවිය යුතුයි. එහෙත් අතීතයේ රණවිරුවන් බොහෝ දෙනෙක් ඉහළ පෙළේ මැති ඇමැතීන්ගේ සුඛ විහරණ කටයුතුවලට යොදා ගත් අවස්ථාවන් බොහෝමයක් වාර්තා වී තිබෙනවා. මේ නිසා රණවිරුවන් බොහෝමයක් කලකිරී සිටියා. පැවැති රජයන් ඔවුන්ගේ තත්ත්වය ගෞරවය පහත් මට්ටමකට ඇද දැම්මා. මා සියලූම රණවිරුවන්ගේ ගෞරවය රැුකෙන පරිදි විශේෂ වැඩපිළිවෙළවල් රාශියක් කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරනවා.
 
 පාලකයෝ බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි ජනතාවගේ සුභ සිද්ධිය තකා දසරාජ ධර්මානුකූලව කටයුතු කළ යුතුයි. මා කවදාවත් බොරු පොරොන්දු දෙන්නේ නැහැ. කියන ඒවා කරනාවමයි. සැබෑ වශයෙන්ම ජනතාවට දැනෙන මාතෘ භූමියක් අපි නිර්මාණය කරනවා.
 
 අපි ගිවිසුම් ඇතිකර ගත යුතුයි. එහෙත් එම
 
 ගිවිසුම්වලින් රටට හෝ ජනතාවට හානියක් නොවිය යුතුයි. කිසිසේත්ම දේශපාලන වාසි ලැබීමේ අටියෙන් හෝ පෞද්ගලික වාසි ලැබීමේ අටියෙන් ඉදිරිපත් වන ගිවිසුම්වලට මා කිසිසේත්ම එකඟ වන්නේ නැහැ. සෑම ගිවිසුමක්ම රටටත් ජාතියටත් හිතකර ඒවා නොවිය යුතුයි.
 
 මම දිව දෙකේ දේශපාලනඥයෙක් නොවේ. අද එකක් කියා පසුව ඒවා කඩකරන්නේ නැහැ. දිවි තිබෙන තුරා මගේ පණමෙන් ජනතාවට මා ආදරේ දක්වනවා. අනිවාර්යයෙන්ම නියත වශයෙන්ම ජීවිත පරිත්‍යාගයෙන් මේ රටේ ජනතාව වෙනුවෙන් මම මැරෙන්න වුණත් සූදානම්. විවිධ සංකල්පයන් මත විවිධ අවස්ථාවලදී රට සංවර්ධන කරන්න බැහැ. එයට යම්කිසි ඉලක්ක සහගත වැඩපිළිවෙළක් ක‍්‍රමානුකූලව කි‍්‍රයාත්මක කළ යුතුයි. එවිට සැබෑ වශයෙන්ම හොඳින් රට සංවර්ධනය කරන්න පුළුවන්.
 
 අප රටේ පොදු ජනතාව රටේ සංවර්ධනයේ කොටස්කරුවන් විය යුතුයි. ජනතාවගේ උපරිම සහයෝගය රටේ සංවර්ධනයට යොදාගත යුතුයි. ඔවුන්ගේ ආකල්ප, යෝජනා, පාලකයන් විසින් හොඳින් අධ්‍යයනය කළ යුතුයි. පාලකයන් පෞද්ගලිකව තම ඕනෑඑපාකම් ඉටුකර ගැනීමේ අටියෙන් බලය අනිසි අයුරින් පාවිච්චි නොකළ යුතුයි. මම අවස්ථාවක් ලද විට පෞද්ගලික, අභිමතාර්ථයන් ඉටුකර ගැනීමේ අදහසින් කි‍්‍රයා නොකොට ජනතා සුභ සිද්ධිය ගැනම කටයුතු කිරීමටත්, ආගම ධර්මය මුල් කොටගෙන මාගේ ප‍්‍රතිපත්ති සාක්ෂාත් කර ගැනීමටත්, ඒවා මගේ රට මගේ ජනතාවගේ සුභ සිද්ධිය තකා කි‍්‍රයාත්මක කිරීමටත් මම ඔබ ඉදිරියේ පොරොන්දු වෙනවා යනුවෙනි.
 
 
 -ඇමැති හරීන් ප‍්‍රනාන්දු
 
 අද අපිට ජනාධිපතිවරයෙක් පත්කර ගන්න සිදුවෙලා තිබෙනවා. එතුමා වෙනුවෙන් අප මේ  රැුලිය සංවිධාන කළේ. සජිත් පේ‍්‍රමදාස මහතා සැබෑ ජන නායකයෙක් නිසයි එතුමා තම ජීවිතය මුළුමනින්ම කැපකර සිටින්නේ පොදු මහජනතාව වෙනුවෙන්. එතුමා සෑම ජනතාවකගේම සිත් දිනාගත් අවංක පුද්ගලයෙක්. මේ නිසා අප අදහස් කළා එතුමා වෙනුවෙන් අපගේ සහයෝගය ලබාදීමට. සැබෑ වශයෙන්ම අවංක, නිහතමානී පුද්ගලයකු වශයෙන් ජනතාව අතර ගරු සැලකිලි ලබන එතුමාට අපේ සහයෝගය ලබාදෙන්න නිරන්තරයෙන් කටයුතු කරනවා යනුවෙනි.
 
 ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා,
 
 පැවති රජයන් දිහා බලන විට සජිත් පේ‍්‍රමදාස මහතා නව නායකත්වයට සුදුසු පුද්ගලයකු බව අපට හැඟී යනවා. එසේම එතුමා ජනතාවට කිසිදා අමතක නොවන සේවයක් ඉටු කළ ජනතා පුත‍්‍රයෙක්. එතුමා කවදාවත් තම පරම්පරාව ගෙන යෑමට දේශපාලනඥයන් බිහිකිරීමට උත්සාහ ගත්තේ නැහැ. සෑම විටම තම පියා මෙන් සාමාන්‍ය ජනතාවගේ යහපත උදෙසා කටයුතු කළා. මීළඟ ජනාධිපතිවරණයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නම් කළේ තම බාල සොහොයුරු ගෝඨාභය රාජපක්‍ෂ මහතායි.
 
 ඇමැති රවින්ද්‍ර සමරවීර මහතා,
 
 බදුල්ල දිස්ත‍්‍රික්කයට අද ඉතා වැදගත් දවසක්. නව නායකත්වයක් ඇරඹෙන්නේ බදුල්ල දිස්ත‍්‍රික්කයෙන් වීම ඔබට ඉතා සතුටට කරුණක්. සජිත් පේ‍්‍රමදාස මහතා සැබෑ වශයෙන්ම තම පියාගේ අඩි පාරේ යමින් රට දැය වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටුකර තිබෙනවා.
 
 ඌව වෙල්ලස්ස පුරවරයෙන් අද පටන් ගමන ආරම්භ වුණා. අපි ගමෙන් ආව පිරිස්. අපට ගම ගැන ගමේ දියුණුව ගැන ලොකු ලෙන්ගතුකමක් තිබෙනවා. ඒ නිසා සැබෑ නායකයෙක් නිසාත් අපි සජිත් පේ‍්‍රමදාස මහතාට අපගේ පූර්ණ සහයෝගය ලබාදෙනවා.
 

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles