Divaina - රටට නව ගමනක් අරඹන්න නව නායකයෙක් ඉදිරිපත් කරනවා - ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Derana 365x90 SI

divaina banner new

re9 2- පරණ හොරු අලූත් හොරු එක මිටට තබා පරාජය කිරීමට

- මූල්‍ය විනයක් නැති පරිපාලන විනයක් නැති පැරණි පාලකයන් වෙනුවට රටට නව ගමනක් ආරම්භ කිරීම වෙනුවෙන් නව නායකයෙක් ජනතා විමුක්ති පෙරමුණ රටට ඉදිරිපත් කරන බව එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ඊයේ 12 වැනිදා සඳහන් කළේය.

මුළු රටම සොයමින් ඇති සැබෑ විකල්පය ජනතා විමුක්ති පෙරමුණ සතුව ඇති බව කී විජිත හේරත් මහතා පරණ හොරු සහ අලූත් හොරු එක මිටට තබා පරාජය කිරීමේ අවස්ථාව ජනතාවට උදා වී ඇති බවත් කියා සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ඊයේ (12 දා) එම අදහස් පළ කළේ බත්තරමුල්ල පැලවත්තේ පිහිටි එම පක්ෂ ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත් මහතා මෙසේ ද කියා සිටියේය.

රටේ මූල්‍ය විනයත් පරිපාලන විනයත් බිඳ වැටිලා. වංචා - ¥ෂණ නාස්තිවලට සම්බන්ධ හොරු, මංකොල්ලකාරයේ දේශපාලන ඞීල්වලට ගිහින් බේරිලා ඉන්නවා. ඒ නිසාම රටේ ජනතාව මේ වෙනකොට වැඩපළේ, බස් හෝල්ට් එකේ, මඟතොටේ හැම තැනම කතාබහ වෙනවා, කොළපාට පාලනයත් නිල්පාට පාලනයත් දෙකම එපා, විකල්පයක් ඕනෑ කියලා. පරණ හොරුත් එපා, අලූත් හොරුත් එපා කියලා කතාබහක් ඇතිවෙලා තිබෙනවා. රට ගොඩනඟන්න නම් විකල්ප බලවේගයක් ඕනෑ කියලා ජනතාව කතාබහ කරනවා.

මහානායක හාමුදුරුවන් වහන්සේලා, අනෙකුත් ආගමික නායකතුමන්ලාගේ එකඟතාවයෙන් ශ‍්‍රී ලංකාවට සුපිළිපන් දේශපාලන සංස්කෘතියක් උදාකරගැනීම උදෙසා සුදුසුකම් ඇති මැතිවරණ අපේක්ෂකයන් තෝරා පත්කර ගැනීම සඳහා දේශපාලන පක්ෂ නායකයන් හා මහජනතාව වෙත නිර්දේශ ප‍්‍රමාණයක් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ සඳහා මල්වතු, අස්ගිරි, අමරපුර, සහ රාමඤ්ඤ මහා නිකායන්වල මහානායක හාමුදුරුවන් වහන්සේලා, කොළඹ අගරදගුරු හිමිපාණන්, ලංකා සභාවේ රදගුරු හිමිපාණන්, සමස්ත ලංකා හින්දු සම්මේලනයේ කුරුක්කල්තුමා සහ ජමියතුල් උලමා සභාවේ සභාපතිතුමන් අත්සන් කොට තිබෙනවා. රටේ ඊළඟ දේශාපාලන නායකත්වය සහ පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන ආයතනවලට ඉදිරිපත් වන නියෝජිතයන්ට මෙම නිර්දේශ වලංගු වෙනවා. එම නිර්දේශවල පැහැදිලිව සඳහන් වෙනවා, අපරාධ වැරදිවලට වරදකරුවී ඇති අපේක්ෂකයන්, නඩු පවතින අපේක්ෂකයන් සඳහා නාම යෝජනා ලබානොදිය යුතුයි කියලා. වර්තමානයේ අපේ රටේ මැතිවරණවලට තරග වදින අපේක්ෂකයන්ගේ නුසුදුසුකම් නිසා ආගමික නායකයන් එක් වී මෙලෙස නිර්දේශ ප‍්‍රමාණයක් ඉදිරිපත් කරන්න කටයුතු කළා. සියලූ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධානවලට ආරාධනා කරලා ඔවුන් ඉදිරියේ තමයි මෙම නිර්දේශ ඉදිරිපත් කළේ. රට ඉල්ලා සිටින්නේ එවැනි අපේක්ෂකයන්. නමුත් දැන් සිදුවෙමින් තිබෙන්නේ ඊට හාත්පසින් පරස්පර දේවල්.

ජනතා විමුක්ති පෙරමුණත් තවත් දේශපාලන කණ්ඩායම්, සිවිල් සංවිධාන, විද්වතුන්, කලාකරුවන්, වැඩකරන ජනතාව, ගොවි සමිති, ධීවර සමිති එක්ව ජනතාව බලාපොරොත්තු වන ආකාරයේ විකල්ප බලවේගයක්

ගොඩනඟා තිබෙනවා. මෙතෙක් කල් රට පාලනය කළ කණ්ඩායම් දෙකට එරෙහිව නව බලවේගයක් ලෙස එය ගොඩනඟා තිබෙනවා. එම ජාතික ජන බලවේගයේ පාර්ශ්වකරුවන්ගේ අනුමැතියත් සහිතව මෙවර ජනාධිපතිවරණය සඳහා නව අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. අපේ රට විනාශ කළ, කැරකොප්පුවක් බවට පත්කළ පැරණි පාලකයන් පරාජයට පත්කොට නව ගමනක් ආරම්භ කිරීම සඳහා අපි කටයුතු කරනවා. අපේ රට ණය උගුලක හිරකරපු මේ පාලකයන්ට එරෙහිව ජන බලයක් ගොඩනඟනවා. ලබන 18 වැනිදා ගෝල්ෆේස් පිටියේ පවත්වන මහ රැලියේදී නව බලවේගයේ අපේක්ෂකයා රටට ප‍්‍රකාශයට පත්කරනවා. පරණ හොරුත් අලූත් හොරුත් පරාජයට පත්කරලා නව විකල්ප බලයක් ගොඩනඟන රට හදන අපේක්ෂකයා අපි ඉදිරිපත් කරනවා. රට ඉල්ලන ආගමික නායකයන් නිර්දේශ කරපු අපේක්ෂකයා ඉදිරිපත් කරන්නේ ජාතික ජන බලවේගයයි. අ¥ෂිත, පරිපාලන විනයක් සහිත, මූල්‍ය විනයක් සහිත රට ගැන හැඟීමක් තිබෙන දේශපාලන වශයෙන් පරිණත රට ගොඩනැඟිය හැකි නායකයා අපි රටට හඳුන්වලා දෙනවා.

සිරිමන්ත රත්නසේකර

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles