Divaina - තාත්තා වගේම සජිතුත් පැය 24 ම වැඩ - අගමැති රනිල් වික‍්‍රමසිංහ රණාලේදී කියයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

re9 1- පොහොට්ටුවේ තිබෙන්නේ කොබෙයි දේශපාලනය

- රට වටේ නිවාස හදමින් සජිත් ජනතාවට අලූත් බලාපොරොත්තුවක් ඇති කරලා

- නිදහස රැක ගන්නවාද අහිමි කර ගන්නවාද ජනතාව තීරණය කළ යුතුයි

පවතින නිදහස රැකගෙන එහි අඩුපාඩු ද හදාගෙන ඉදිරියට යනවාද නැතිනම් දැනට පවතින නිදහසද අහිමිකර ගන්නේද යන්න ජනතාවට තේරුම් ගැනීමට කාලය උදාවී ඇතැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (12 දා) පෙරවරුවේ පැවසීය.

අගමැතිවරයා මේ බව කියා සිටියේ ජල්තර, රණාල ප‍්‍රදේශයේ මධ්‍යම පාන්තික ජනතාව සඳහා ඉදිකෙරුණු ‘ගී‍්‍රන්වැලි රෙසිඩන්සීස්’ විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

මට මතකයි සජිත් පේ‍්‍රමදාස ඇමැතිතුමා අපේ කැබිනට් අනුකමිටුවට පැමිණිලා මේ මධ්‍යම පන්තිය සඳහා නිවාස ඉදිකිරීමට යෝජනා ඉදිරිපත් කළා. අපි ඔක්කොම ඒකට සම්පූර්ණ සහයෝගය ලබා දුන්නා. ගම්වල නිවාස

වාගේම මේ ප‍්‍රදේශවලටත්, මධ්‍යම පාන්තික ජනතාවටත් නිවාස අවශ්‍යයි. මට මතකයි 1980 කාලේදී අවිස්සාවේල්ලට පේ‍්‍රමදාස ජනාධිපතිතුමා ඇවිත් සාමාන්‍ය උදාගම් නිවාස ඉදිකළා. ඒත් අද ඊට වඩා වෙනස් තත්ත්වයක් තිබෙන්නේ.

මේ ප‍්‍රදේශවල පදිංචි ජනතාවට මැද පන්තියේ ජනතාවට, රජයේ සේවකයන්ට, පහසු මිලකට නිවාස ලබා ගැනීමේ ඉල්ලීමක් තිබුණා. සමහර පෞද්ගලික අංශය නම් වැඩකටයුතු කළා. ඒත් මෙය ආණ්ඩුවෙනුත් භාරගත යුතුයි කියලා අපි තීරණය කළා. ඒත් මේක රජය හා පුද්ගලික අංශය එකට එක්වෙලා කරපු ව්‍යාපෘතියක්. එහි නායකත්වය ගත්තේ අපේ නිවාස අමාත්‍යාංශයයි.

ඊළඟට මුදල් අමාත්‍යාංශය සමග එක්වී අඩු පොලියට නිවාස ණය ලබාදී තිබෙනවා. මේ එකම අරමුණත් සෑම කෙනෙකුටම නිවසක් ලබාදීම. ඒ නිසා මේ යෝජනාව ඉදිරිපත් කළ සජිත් පේ‍්‍රමදාස ඇමැතිතුමාට මා පළමුවෙන්ම ප‍්‍රශංසා කරනවා. මේ රටේ ගම්මානවල පවතින නිවාස හිඟය අපි හඳුනා ගත්තා. ඒ නිවාස හිඟය අරගෙන තමයි සජිත් ඇමැතිතුමා අද ගම්මානවලට ගිහින් උදාගම් ඇති කරන්නේ. උදේ එක ගමක් විවෘත කරනවා. සවස තව ගමක් විවෘත කරනවා.

ඒ අනුව දැන් ගම්මාන සිය ගණනක් එතුමා විවෘත කර තිබෙනවා. ඒ ගත් උත්සාහය නිසා තමාගේ කියලා නිවසක්, ඉඩමක් ජනතාවට තිබෙනවා. අද මධ්‍යම පන්තියටත් එතුමා නිවාස දෙන්න යනවා. ප‍්‍රශ්නවලට එතුමා මුහුණ දුන්නා. මේ නිවාස හදනවා, ඒවා විවෘත කරනවා. යාපනය, වතුකරයේ, චාවකච්චේරියේ එතුමා හිටියා. දැන් හාලිඇලට යනවා. එහෙම මේ රටේ විශාල වැඩ කොටසක් කරපු කෙනෙක් ලෙස සජිත් පේ‍්‍රමදාස ඇමැතිතුමා හැඳින්විය හැකියි. තාත්තා වගේමයි පැය

24 ම ඒ වැඩකටයුතු කරනවා.

නිවාස ඉදිකිරීම එතුමා භාර අරගෙන විශිෂ්ට ලෙස කරගෙන ගියා. ඒ වගේම දැන් සංස්කෘතික වැඩකටයුතුත් කරනවා. මේ රටේ දුප්පත් ජනතාවට එතුමා අලූත් බලාපොරොත්තුවක් ඇති කරලා තිබෙනවා. ඒ ගැන අපි එතුමාට නැවතත් ප‍්‍රශංසා කරනවා.

ඒ වගේම තමයි අපි ලංකාවේ සෑම අංශයකටම අවශ්‍ය නිවාස හදනවා. වතුකරයේ, ගම්වල, නාගරික අඩු ආදායම්ලාභී මැද පන්තිය වගේම යුද්ධයෙන් පීඩාවට පත්වූ අයට නිවාස ඉදිකරනවා. මීට පෙර මෙහෙම වැඩ කෙරුණේ නෑ.

නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපනය ආදී මේ සියලූ වැඩකටයුතු අපි කරගෙන යනවා. දුප්පත් ජනතාවට අත දෙන වැඩසටහන්වලට සජිත් ඇමැතිතුමා දායක වෙනවා. මේ රටේ දුප්පත්කම තිබෙන්න බෑ. දුප්පත්කම තමයි දැන් ප‍්‍රධාන සතුරා. දුප්පත්කම අපි නැති කරන්න යනකොට අනෙක් අය දේශපාලන වාසි ගන්න යනවා. ඒ අය අපට බාධා කළේ නැත්නම් මීට වඩා දියුණුවක් රට තුළ ඇති වෙනවා.

මම දැක්කා පොහොට්ටුවේ රැුස්වීම. ඒකේ නායකයා ලෙස විපක්‍ෂ නායකතුමා පත්වුණා. එහි ජනාධිපති අපේක්‍ෂකයා ලෙස එතුමාගේ සහෝදරයා පත්වුණා. මේකට මම කියන්නේ කොබෙයියාගේ දේශපාලනය. තෙලෙන් බැද්ද කෙනයි, කිරෙන් බැද්ද කෙනායි මේ දෙන්නම එකයි. ඒ සමුළුවේදී ඒ අපේක්‍ෂකයා කරපු ප‍්‍රකාශයක් ගැන මම කල්පනා කළා. ‘මේ මාතෘ භූමියේ ඉපදුනු සෑම අයෙකුටම බියෙන් සැකෙන් ජීවත්විය හැකි බවට සහතික වෙනවා’ කියා තිබුණා.

මෙතැන ඔක්කොම ඉන්නේ කොන්ද කෙළින් තිබෙන අය. ඉතින් මම විශේෂයෙන් කියන්න ඕනෑ පරණ පව්වලට සමාව ගන්න මේ අය කැමතිද කියලා. බියෙන් සැකෙන් තොරව මේ අයට ජීවත් වෙන්න අවශ්‍යද. එක්නැලිගොඩ, ලසන්ත, ශිවරාම්, රුචිරන් ගැන මේ අය සමාව ඉල්ලනවාද? තාජුඞීන්, කීත් නොයාර්, උපාලි තෙන්නකෝන්, උදයන් පත‍්‍රයෙන් සමාව ඉල්ලනවද? සිරස කාර්යාලයෙන්, වැලිකඩ, රතුපස්වල ජනතාවගෙන් සමාව ඉල්ලනවාද? සුදු වෑන් ගැන සමාව ඉල්ලනවාද? ශිරාණි බණ්ඩාරනායකගෙන් සමාව ඉල්ලනවාද? කාන්තාවන් ¥ෂණය කරපු සභාපතිවරුන්ට මොකද කියන්නේ කොළඹ පැල්පත්වලින් එළවපු ජනතාවගෙන් සමාව ඉල්ලනවාද?

පසුගිය කාලය තුරාවට අපි රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාතාවරණයක් ඇති කළා. ඒ නිසා කෑ ගහන්න, විවේචනය කරන්න පුළුවන්. ඒ කාලේ මේවා කළා නම් සුදු වෑන්වලින් උස්සනවා. අද මාධ්‍ය නිදහස තිබෙනවා. මට මාධ්‍යයෙන් බනිනවා. ඒත් ඒ අයට මොකද වෙලා තිබෙන්නේ. මොකුත් කරලා නෑ. අද අධිකරණය ස්වාධීනයි, අපි විශ්වාසභංග යෝජනාවලට මුහුණ දුන්නා. නිදහස ලබාදීලා තිබෙනවා.

එහෙනම් ඊයේ නිදහස නොවෙයි ඇති වුණේ තිබෙන නිදහසත් අහිමි කරන්නයි. අපට තිබෙන නිදහස සහ එහි තිබෙන අඩුපාඩුත් හදාගෙන ඉදිරියට යමු. මෙම අවස්ථාවේදී ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතාද අදහස් දැක්වූ අතර විශාල පිරිසක් එක්ව සිටියහ.

අකිත පෙරේරා
 

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles