Divaina - රාජ්‍ය ආයතනවලට අයවැයෙන් වෙන් කළ ප‍්‍රාග්ධන වියදමින් කෝටි 11340 ක් කපයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

cost1රාජ්‍ය වියදම් සීමා කිරීම ස`දහා මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා විසින් සියලූ අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතන වෙත නිකුත් කර ඇති චක‍්‍රලේඛයට අනුව මේ වසර (2019* සඳහා රාජ්‍ය අයවැයෙන් මුලින් වෙන් කළ ප‍්‍රාග්ධන වියදමින් රුපියල් කෝටි 11340 ක් කපාහැරීමට නියමිතය.

මේ අනුව 2019 අයවැයෙන් වෙන් කරන ලද ප‍්‍රාග්ධන වියදම්වලින් සියයට 15 ක් ඉතිරිකිරීම් ලෙස හ`දුනා ගනිමින් කටයුතු කරන ලෙස එම චක‍්‍රලේඛය මගින් මහා භාණ්ඩාගාර ලේකම්වරයා සියලූ රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් සභා ප‍්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් සහ සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන් වෙත චක‍්‍රලේඛයක් මගින් දැනුම් දී ඇත.

2019 අයවැය ලේඛනය මගින් රුපියල් බිලියන 756 ක් ප‍්‍රාග්ධන වියදම් ලෙස මුලින් වෙන් කර තිබිණි. මේ අනුව එය රුපියල් බිලියන 113.4 කින් පමණ අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සිය වියදම් දැරීමේදී වඩාත් අරපිරිමැසුම්දායි හා නාස්තිය අවම වන විධිවිධාන කෙරෙහි සියලූ රාජ්‍ය ආයතන ප‍්‍රධානීන් සිය පෞද්ගලික අවධානය යොමු කරන ලෙසත්, ඇතැම් වියදම් පාලනයක් අවශ්‍ය බවත් මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා මේ චක‍්‍රලේඛය මගින් දැනුම් දී ඇත.

පසුගිය අපේ‍්‍රල් මාසයේ සිදු වූ අනපේක්ෂිත සිදුවීම් නිසා ආර්ථික කටයුතුවලට බාධා එල්ල වීම හේතුවෙන් රාජ්‍ය ආදායමට එල්ල වී ඇති අහිතකර පීඩනය පිළිබඳව සලකා බලා මේ ආකාරයට කටයුතු කරන ලෙස ද එම චක‍්‍රලේඛය මගින් දැනුම් දී තිබේ. මේ අනුව විශේෂයෙන්ම විදුලිබල සැපයුම, ජල සැපයුම, දුරකථන සේවා, ඉන්ධන මිලදී ගැනීම් සහ අනෙකුත් ගිවිසුම්ගත සේවාවන් සම්බන්ධයෙන් විධිමත් පාලන ක‍්‍රම යොදා ගැනීම තුළිනුත්, එම සේවා උපයෝජනය පිළිබඳ පසුවිපරම් කිරීම තුළිනුත් කාර්යාලයීය අවශ්‍යතා මිලදී ගැනීම ආදියෙහි වියදම් පාලනයක් අවශ්‍ය බව එම චක‍්‍රලේඛයේ දැක්වේ.

අතිරේක වියදම් නොදැරීම හා කල්දැමිය හැකි වියදම් කල් දැමීමට හා අමතර වියදම් තත්‍යානුරූප කිරීමෙන් පුනරාවර්තන වියදම් (රජයේ එදිනෙදා වියදම්* අඩු කර ගැනීමට කටයුතු කළ බව දන්වමින් ඊට අදාළව කරුණු ගණනාවක් කෙරෙහි අවධානය යොමු කරන ලෙස ද එම චක‍්‍රලේඛය මගින් දැනුම් දී ඇත.

ඒ අනුව ඉන්ධන, දුරකථන සහ ගමන් වියදම් සම්බන්ධ ගෙවීම් කිරීමේදී ඒ ඒ වියදමට අදාළ වන්නා වූ රාජ්‍ය පරිපාලන සහ අනෙකුත් චක‍්‍රලේඛ උපදෙස් තරයේ පිළිපැදිය යුතු බවත් එම චක‍්‍රලේඛ උපදෙස්වලට පරිබාහිරව කිසිදු ගෙවීමක් සිදු නොකිරීමට වගබලා ගත යුතු බවත් සියලූ රාජ්‍ය ආයතන ප‍්‍රධානීන්ට දන්වා ඇත.

මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතාගේ අත්සනින් යවන ලද එම චක‍්‍රලේඛයේ මෙසේ ද ස`දහන් වේ.

විදුලි වියදම් අවම කිරීම සඳහා සුදුසු පාලනයක් ක‍්‍රියාත්මක කරමින් සෑම විටම අනවශ්‍ය විදුලි පහන්, විදුලි පංකා ක‍්‍රියාවිරහිත කිරීමේ ක‍්‍රමවේදයක් ආයතනය තුළ ඇති කිරීමට කටයුතු කළ යුතුය. සියයට 5 ක විදුලි බිලෙහි ඉතිරි කිරීමක් අරමුණු කරගෙන ඒ සඳහා ක‍්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් වන වගකීම නිශ්චිත නිලධාරියකු වෙත පවරා ඒ පිළිබඳව මාසිකව ප‍්‍රගතිය සොයා බැලීමට කටයුතු කළ යුතුය. අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතනවල අතිකාල ගෙවීමේදී විශේෂයෙන්ම පැය ගණන ගණනය කිරීමේදී සහ ගෙවීම් අනුපාතිකයන් අදාළ කර ගැනීමේදී අතිකාල විෂය සම්බන්ධයෙන් ආයතන සංග‍්‍රහයේ හා වරින් වර නිකුත් කර ඇති චක‍්‍රලේඛවල සඳහන් විධිවිධාන තරයේ පිළිපැදිය යුතුය.

ලිපිද්‍රව්‍ය සහ කාර්යාල අවශ්‍යතා වැය විෂය යටතේ මිලදී ගැනීම් සිදු කිරීමේදී අනවශ්‍ය පරිදි තොග රඳවා තබා ගැනීම අවම කරමින් හැකිතාක් දුරට පවත්නා ලිපිද්‍රව්‍ය තුළින් අවශ්‍යතා සපුරා ගැනීමට කටයුතු කළ යුතුය. ඊළඟ වර්ෂය සඳහා දිනපොත් මුද්‍රණය, ලිත්/ කැලැන්ඩර් ආදිය මුද්‍රණය කිරීම සඳහා රජයේ අරමුදල් යොදා නොගත යුතුය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles