Divaina - පැය 24 තැපැල් වර්ජනයෙන් ලිපි හා පාර්සල් ලක්‍ෂ 10 ක් හිරවෙයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

post1- තැපැල් ගැටලූවට විසඳුම් දීමේ බලය අගමැතිට පවරයි

තැපැල් වෘත්තීය සමිති පෙරේදා (21 වැනිදා) මධ්‍යම රාත‍්‍රි 12.00 ට ආරම්භ කළ පැය 24 ක වැඩවර්ජනය නිසා ඊයේ (22 වැනිදා) දහවල් වන විට මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්ථානය ඇතුළු දිවයින පුරා සියලූම තැපැල් කාර්යාලවල ලිපි සහ පාර්සල් ලක්‍ෂ දහයක් පමණ බෙදාහැරීමට නොහැකිව සිරවී ඇතැයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා ‘දිවයින’ට ඊයේ (22 වැනිදා) පැවසීය.

තැපැල් දෙපාර්තමේන්තුව යටතේ සේවය කරන විසිපන් දහසකට අධික තැපැල් සේවකයන් මෙම වැඩවර්ජනයට එක්වූ බව චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.

තැපැල් සේවක අයිතීන් ලබාදෙන ලෙස ඉල්ලා පසුගිය 21 වැනිදා රාත‍්‍රි 12.00 සිට 22 වැනිදා රාත‍්‍රි 12.00 දක්වා පැය 24 ක කාලයක් අසනීප නිවාඩු වාර්තා කර ආරම්භ කළ මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගයට විසඳුම් ලබාදීමට පසුගිය 19 වැනිදා රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් පියවර නොගැනීම නිසා මෙලෙස නැවත වරක් වැඩවර්ජනයක නිරතවීමට සිදුවූ බවද ඒ මහතා පැවසීය.

කෙසේ වෙතත් තැපැල් සේවකයන්ගේ ගැටලූ පිළිබඳව සාකච්ඡුා කර විසඳුමක් ලබාදීමේ සම්පූර්ණ බලය අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත පැවරීමට පසුගිය 19 වැනිදා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත.

මුදල් ඇමැති මංගල සමරවීර මහතා කැබිනට් රැස්වීමට සහභාගි නොවීම නිසා තැපැල් සේවකයන්ගේ ඉල්ලීම් පිළිබඳව අවසන් තීරණයක් ගත නොහැකි බව ජනාධිපතිවරයා විසින් පෙන්වා දීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ.

මේ අනුව අගමැතිවරයා සහ තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු ඇමැති එම්. එච්. අබ්දුල් හලීම් මහතා අතර තැපැල් වැඩ වර්ජනය පිළිබඳව සහ තැපැල් සේවක ඉල්ලීම් පිළිබඳව විශේෂ සාකච්ඡුාවක් ඊයේ (22 දා) සවස පැවැත්වීමට නියමිතව තිබුණි.

ප‍්‍රියදර්ශන ලියනගේ
 

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles