Divaina - කන්නියා පුරාවිද්‍යා චෛත්‍යයේ කැණීම් අත්හිටුවන්න උසාවියෙන් අතුරු තහනම් නියෝගයක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Derana 365x90 SI

divaina banner new

court4ති‍්‍රකුණාමලය කන්නියා උණු වතුර ළිං ආශි‍්‍රත පුරාවිද්‍යා චෛත්‍යයේ කැණීම් කටයුතු නතර කරන ලෙස ති‍්‍රකුණාමලය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් මහතා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ ති‍්‍රකුණාමල දිසාපතිවරයාට ඊයේ (22 වැනිදා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ති‍්‍රකුණාමලය මානික්කවාසගම් පාර අංක 64 පදිංචි කෝවිල රමණී නමැත්තියක් විසින් ති‍්‍රකුණාමලය මහාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසු මහාධිකරණ විනිසුරුවරයා මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළේය. එම අතුරු තහනම් නියෝගයට අනුව කන්නියා පුරාවිද්‍යා රක්ෂිතයේ කැණීම් කටයුතු සිදුකරන චෛත්‍යයේ සංරක්ෂණ කටයුතු අත්හිටුවීම, වගඋත්තරකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා හා ති‍්‍රකුණාමල දිසාපතිවරයා යටතේ සේවය කරන අයට හින්දු බැතිමතුන් කිසිදු ආකාරයේ බාධාවක් නොකිරීම පුරාවිද්‍යා රක්ෂිතයේ ඇති උණුදිය පොකුරු නැරඹීමට එන අයට රිසිට් පත් නිකුත් නොකිරීම සහ පුරාවිද්‍යා රක්ෂිතයේ ඇති මාරිඅම්මාන් කෝවිලේ සංරක්ෂිත කටයුතු බාධාවක් තොරව කරගෙන යෑමට ඉඩදීම කළ යුතුය.

පෙත්සම්කාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්. ඒ. සුමන්තිරන් සහ නීතිඥ ප‍්‍රසන්ති උදයකුමාර් යන මහත්ම මහත්මීහු පෙනී සිටියහ.

සමන් මල්ලවආරච්චි - ති‍්‍රකුණාමලය
 

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles