Divaina - කසළ ආනයනය කළැයි චෝදනා හේලීස් ෆ‍්‍රී සෝන් සමාගම ප‍්‍රතික්‍ෂෙප කරයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

p1 3හේලීස් ෆ‍්‍රී සෝන් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රුවන් වෛද්‍යරත්න සහ අධ්‍යක්ෂවරුන් වන අසංක රත්නායක, අමල් රොද්‍රිගෝ යන මහත්වරුන් මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ අයුරු.

ශ‍්‍රී ලංකාවට කසළ ආනයනය කළැයි හේලීස් ෆ‍්‍රී සෝන් ආයතනයට එල්ල වන චෝදනා සියල්ල ප‍්‍රතික්ෂේප කරන බවත්, තම අංගනයේ පවතින බහලූම් තුළ කිසිදු පරිසරයට විෂ සහිත රෝහල් අපද්‍රව්‍යයක් හෝ වෙනත් විෂ ද්‍රව්‍යයක් අඩංගු නැති බවත් එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රුවන් වෛද්‍යරත්ත මහතා ඊයේ (22දා) පැවසීය.

පවතින තත්ත්වය මත තම අංගනයේ පවතින මෙට්ට සිය වියදමින් කඩිනමින් පිරිසැකසුම් කර ප‍්‍රතිඅපනයනය කරන බව ද එ් මහතා කීය.

හේලීස් ෆ‍්‍රී සෝන් ආයතනයට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එ් මහතා මෙම අදහස් පළ කළේය.

හේලීස් ෆ‍්‍රී සෝන් යනු ගෝලීය වෙළෙඳ කලාපවල මෙන් ප‍්‍රතිඅපනයනය සඳහා ගබඩාකරණය සහ අගය එකතු කිරීමේ සේවාවන් සැපයීමේ අරමුණින් 2013 අංක 1 දරන පනත යටතේ ස්ථාපිත කළ ආයතනයක් බව ද එ් මහතා කීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එ් මහතා මෙසේද පැවසීය.

ප‍්‍රශ්නගත බහලූම් වරායට ගෙන්වා තිබෙන්නේ නැව් භාණ්ඩ ප‍්‍රවාහන සමාගමක් වන ඊ.එල්.ටී. කලම්බු සමාගම මගින්. සිලෝන් මෙටල් ප්‍රොසෙසින් කෝපරේෂන් සමාගමට අයත් භාවිත කරන ලද මෙට්ට තොගයක් පිරිසැකසුම් කර ප‍්‍රතිඅපනයනය කිරීම සඳහා හේලීස් ෆී‍්‍ර සෝන් ආයතනයට අයත් අංගනයේ ගබඩා කිරීමට බහලූම් 130 කට අනුමැතිය ලබාගෙන තියෙනවා. මෙම සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරන්නේ මුතුරාම ශ‍්‍රී ශෂීකුමරන් නමැත්තෙක්.

හේලීස් ෆ‍්‍රී සෝන් අංගනයේ ගබඩා කිරීමට අවසර ලබාදුන්නේ බහලූම් තුළ කිසිදු හානිකර ද්‍රව්‍යයක් අඩංගු නොවන බවට ලියකියවිලි මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුවයි.

මේවන විටත් එකඟතාවට එළැඹි බහලූම් 130 න් 29 ක් පිරිසැකසුම් ප‍්‍රතිඅපනයනය කර තිබෙනවා. අපේ අංගනයේ තිබෙන බහලූම් තුළ රෝහල් අපද්‍රව්‍ය නැහැ. එහි අඩංගු වී තිබෙන්නේ පාවිච්චි කරන ලද මෙට්ට, කාපට් සහ ස්පොන්ච් පමණයි.

මේ වන විට කොළඹ වරායේ බහලූම් 102 ක් තිබෙන බව කියනවා. මේ බහලූම්වලට හේලීස් ෆ‍්‍රී සෝන් ආයතනයේ කිසිදු සම්බන්ධතාවක් නැහැ. අපි එම බහලූම්වල ආනයනකරු, භාරකරු හෝ ගබඩාකරණ සපයන්නා ද වෙන්නේ නැහැ.

අපේ ආයතනය ආචාරධර්ම උපරිම අයුරින් ආරක්ෂා කරන සමාජ වගකීමකින් යුතුව කටයුතු කරන ආයතනයක්. එ් වගේම ආයෝජන මණ්ඩලයේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ් නීතිරීතිවලට අනුව සුහදව කටයුතු කරන ආයතනයක්.

මෙහිදී හේලීස් ෆ‍්‍රී සෝන් ආයතනයේ අධ්‍යක්ෂවරුන් වන අසංක රත්නායක, අමල් රොද්‍රිගෝ යන මහත්වරුද අදහස් දැක්වූහ.

චමින්ද සිල්වා

ඡායාරූපය - සුජාතා ජයරත්න
 

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles