පළාත් සභා ඡන්දය ගැන තීරණය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව
- පළාත් සභා මැතිවරණය ජනාධිපතිවරණයට පෙර පැවැත්විය හැකිද නැද්ද යන්න තීරණය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්විය හැකිද යන්න සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලෙස නීතිපතිවරයාට උපදෙස් දුන් බව ජනාධිපතිවරයා තමා වෙත පැවසූ බවද, ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය වනු ඇති බවද ඊයේ (22 දා) මැතිවරණ කොමිසමේ පැවැති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා සඳහන් කළේය.
ඉකුත් 2017 වසරේ සිටම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තමා දැඩි උත්සාහයක නිරත වූ බවද ජනාධිපති, අගමැති, කථානායක ඇතුළු පාර්ලිමේන්තුවේ සියලූ දෙනා මැදිහත්කරගෙන ගැටලූව විසඳා ගැනීමට උත්සාහ කළ බවද ඉදිරියේ පවතින කාලය තුළ පාර්ලිමේන්තුවේ නීති සම්මත කර මැතිවරණ පැවැත්වීමට කාලය ප්‍රමාණවත් නොවන බවද සභාපතිවරයා කීය.
ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම නියමිත දිනයේදී පවත්වන බවද ඒ සඳහා අවශ්‍ය ගැසට් නිවේදනය නිකුත් කිරීම සැප්තැම්බර් මස 20 වැනිදාත් ඔක්තෝබර් මස 10 වැනිදාත් අතර දිනකදී සිදුවනු ඇති බවද ඒ මහතා කියා සිටියේය.
පළාත් සභා මැතිවරණය හා ජනාධිපතිවරණය එක කිට්ටු කාලයක පැවැත්වුවහොත් රුපියල් කෝටි 200 ක් පමණ ඉතිරි කරගත හැකි බවද හෙතෙම කීය. එක් මැතිවරණයකට රුපියල් කෝටි 400 ක් පමණ වැයවනු ඇති බවද මැතිවරණ දෙක ආසන්න කාලයකදී පැවැත්වුවහොත් රුපියල් කෝටි 600 ක් වැයවනු ඇති බවද කීය.
රනිල් ධර්මසේන, ඡායාරූපය - සමන් රණවීර