Divaina - ජවිපෙ මහින්දට කරන චෝදනාව පිළිකුලෙන් ප්‍රතික්‌ෂේප කරනවා - ශෙහාන් සේමසිංහ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Div New365x90 SI

divaina banner new



අනුර බාලසූරිය

sehan135ආණ්‌ඩුවට එරෙහිව ගෙනෙන ලද විශ්වාසභංග යෝජනාව පරාජය වීම සම්බන්ධයෙන් ජනතා විමුක්‌ති පෙරමුණ, විපක්‌ෂ නායක මහින්ද රාජපක්‌ෂ මහතා ප්‍රමුඛ විපක්‌ෂයට එල්ල කරන චෝදනාව පිළිකුලෙන් ප්‍රතික්‌ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

රිෂාඩ් බදුර්දීන් හිටපු ඇමැතිවරයාට එරෙහිව ගෙනෙන ලද විශ්වාසභංග යෝජනාව හමුවේ ආණ්‌ඩුව බේරා ගැනීමට ජනතා විමුක්‌ති පෙරමුණ මෙම විශ්වාසභංග යෝජනාව ගෙනා බවත් එය ජයග්‍රහණය කර ගැනීමට ජනතා විමුක්‌ති පෙරමුණ දෙමළ සන්ධානය හා ආණ්‌ඩුවේ කතෝලික මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා නොකළේ ආණ්‌ඩුව රැක ගැනීමේ යටි අරමුණින් දැයි දැන් තම කණ්‌ඩායමට සැකයක්‌ මතුවන බවත් හෙතෙම සඳහන් කළේය.

"2015 දී බොරුව සමාජගත කරමින් යහපාලන ආණ්‌ඩුව ගෙනවිත් රට විනාශ කිරීමට මුල් වූ මේ අය ජනතාව රැවටීමට නැවතත් කටයුතු කරමින් සිටිනවා" යෑයි ද ඔහු කීය.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‌ෂ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (12 දා) පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව පැවසීය.

 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles