Divaina - සුරක්‍ෂා නිවාසවල සිටි කාන්තාවෝ 858 ක්‌ යළි ශ්‍රී ලංකාවට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය


 
 චමින්ද සිල්වා
 
 විදේශයන්හි තානාපති කාර්යාල කම්කරු අංශ යටතේ පවත්වාගෙන යනු ලබන සුරක්‌ෂා නිවාසවල රැඳී සිටි කාන්තාවන් 858 දෙනකු පෙරේදා (11 දා) දින වන විට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ මැදිහත්වීම මත දිවයිනට ගෙන්වාගෙන තිබේ.
 
 ඉන් වැඩිම පිරිසක්‌ දිවයිනට පැමිණ ඇත්තේ කුවේට්‌ තානාපති කාර්යාලය මගින් පවත්වාගෙන යනු ලබන සුරක්‌ෂා නිවාසයෙන් වන අතර එම ගණන 588 කි. එසේම සිය ගැටලු සඳහා විසඳුම් ලැබෙන තෙක්‌ තවත් ශ්‍රමිකයෝ 146 දෙනෙක්‌ එහි රැඳී සිටිති.
 
 සෞදි අරාබියේ රියාද් තානාපති කාර්යාලයේ සුරක්‌ෂා නිවාසයේ රැඳී සිටි ශ්‍රමිකයන් 18 දෙනකු දිවයිනට පැමිණ ඇති අතර, මේ වන විට තවත් 33 දෙනෙක්‌ එහි රැඳී සිටිති. ජෙඩාහි තානාපති කාර්යාලයේ සුරක්‌ෂා නිවාසයේ සිටි කාන්තාවන් 12 දෙනකු දිවයිනට පැමිණ ඇති අතර, මේ වන විට එහි කිසිදු ශ්‍රමිකයෙක්‌ රැඳී නැත.
 
 ඒ අනුව ලොව පුරා පිහිටි තානාපති කාර්යාල කම්කරු අංශ 12ක්‌ යටතේ පවත්වාගෙන යනු ලබන සුරක්‌ෂා නිවාසවල මේ වන විට රැඳී සිටින ශ්‍රමිකයන් ප්‍රමාණය 263කි.
 
 2019 මුල් මාස හයේදී ශ්‍රමිකයන් අනූපන්දහස්‌ නවසිය අටදෙනකු රැකියා සඳහා විදේශ ගතවී ඇති අතර, ඉන් විදේශ ගතවී ඇති පිරිමි ශ්‍රමිකයන් ප්‍රමාණය පනස්‌හයදහස්‌ පන්සිය විසිහයකි. එම ප්‍රමාණය විදේශ ගතවූ සමස්‌ත ප්‍රමාණයෙන් 59% කි. පිරිමි ශ්‍රමිකයන් වැඩිම ප්‍රමාණයක්‌ විදේශ ගතවී ඇත්තේ කටාර් රාජ්‍යයට වන අතර එම පිරිස 16,626 කි.
 
 2019 ජනවාරි සිට ජුනි දක්‌වා ගතවූ කාලයේදී කාන්තාවන් තිස්‌නවදහස්‌ තුන්සිය අසූ දෙදෙනකු රැකියා සඳහා විදේශ ගතවී ඇති අතර එය සමස්‌ත විදේශ ගතවීම්වලින් 41% කි. කාන්තාවන් වැඩිම පිරිසක්‌ රැකියා සඳහා ගොස්‌ ඇත්තේ කුවේට්‌ රාජ්‍යයට වන අතර, එම ගණන 14,948 කි.
 
 2019 ජනවාරි සිට ජුනි දක්‌වා කාලයේ දී කුවේට්‌හි රැකියා සඳහා ශ්‍රමිකයන් 20,601 දෙනකු පිටත්ව ගොස්‌ ඇති අතර, කටාර් රාජ්‍යයේ රැකියා සඳහා ශ්‍රමිකයන් 19,026 දෙනකු පිටත්ව ගොස්‌ තිබේ. එසේම සෞදි අරාබියෙහි රැකියා සඳහා ශ්‍රමිකයන් 16,747 දෙනකුද පිටත්ව ගොස්‌ ඇත.

 

 

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles