Divaina - මේ වසරේ ආර්ථික වර්ධනය සියයට 3 දක්‌වා අඩුවිය හැකියි; මහ බැංකු අධිපති කියයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

divaina banner new

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 
 indra135මේ වර්ෂයේ (2019) ආර්ථික වර්ධනය මුලින් පුරෝකථනය කළ වර්ධනයට වඩා පහළ යන බව අපේක්‍ෂා කරන බවත්, අලුත්ම ගණනය කිරීම් අනුව ආර්ථික වර්ධනය මේ වසරේදී සියයට 3 දක්‌වා අඩුවනු ඇති බවට ඇස්‌තමේන්තු කර ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතා පෙරේදා (11 දා) මහ බැංකු මූලස්‌ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.
 
 මේ වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4 කින් වර්ධනය වනු ඇතැයි මහ බැංකුව මුලින් පුරෝකථනය කර තිබූ බවද මහ බැංකු අධිපතිවරයා කීවේය.
 
 සංචාරක කර්මාන්තයද ඇතුළුව ආර්ථික ක්‍රියාකාරකම් මේ වන විට වේගයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බවද එසේම සංචාරක පැමිණීම් ඉහළ යමින් තිබෙන බවද මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.
 
 2018 වසරේ සිවුවැනි කාර්තුවේදී වාර්තා කළ සියයට 1.8 ක අඩු ආර්ථික වර්ධනයට සාපේක්‍ෂව මේ වසරේ පළමු කාර්තුවේ ආර්ථිකය සියයට 3.7 දක්‌වා ඉහළ ගොස්‌ ඇතැයි ද මහ බැංකු අධිපතිවරයා කීවේය.
 
 මේ වන විට සංචාරක මූල්‍ය සහන පැකේජය යටතේ බැංකු හා මූල්‍ය ආයතනවලින් ගෙන ඇති රුපියල් බිලියන 101 ක ණය මුදල් සඳහා සහන ඉල්ලා ඇති බවත් ඉන් ණය 945 කට අදාළව සහන ලබාදීම අනුමත වී ඇති බවද මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය විය.
 
 පාස්‌කු ඉරිදා සිදුවූ ප්‍රහාරය මගින් ආර්ථිකයේ කොටස්‌කරුවන්ගේ විශ්වාසය සහ අපේක්‍ෂා මත බලපෑම් එල්ල කළ බවද, එමගින් විශේෂයෙන්ම සංචාරක සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් කෙරෙහි බලපෑම් සිදුව ඇති බවද මහ බැංකුව කියයි.
 
 මෙහිදී ඇතැම් අණපනත්වලට සංශෝධන කිරීමටද යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්‍ෂ ඩී. එම්. රූපසිංහ මහතා කීවේය.
 
 මෙම මාධ්‍ය හමුවේදී මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ නියෝජ්‍ය අධිපති එච්. ඒ. කරුණාරත්න මහතාද කතා කළේය.

 

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles