Divaina - පාස්‌කු ප්‍රහාරයෙන් තුවාල වූ සහ මියගිය අයට මිලියන 262 ක්‌ ගෙවයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය


 
 චමින්ද සිල්වා
 
 පාස්‌කු ඉරිදා එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය අය සඳහා රජය ඊයේ (11 දා) වනවිට රුපියල් මිලියන 262 ක්‌ ගෙවා ඇත.
 
 හානි පූර්ණ කර්යාලය මගින් මෙම වන්දි ප්‍රදානය කර තිබේ. මරණයට පත්වූ සංඛ්‍යාව 263 ක්‌ වන අතර ඉන් 201ක්‌ සඳහා රුපියල් මිලියන 198 ක්‌ (198,525,000) ද තුවාල ලත් සංඛ්‍යාව 500 ක්‌ වන අතර ඉන් 438 දෙනකු සඳහා රුපියල් මිලියන 64 ක්‌ (64,287.500) ද මුදල් ගෙවා ඇතැයි සංවර්ධන සන්නිවේදන එAකකයේ අධ්‍යක්‌ෂ සුදර්ශන ගුණවර්ධන මහතා සඳහන් කරයි.
 
 මෙයට අමතරව ත්‍රස්‌ත ප්‍රහාරයෙන් හානියට පත්වූ දේවස්‌ථාන නැවත ඉදිකිරීම සඳහා ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ තරුණ කටයුතු යන අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන 25ක මුදලක්‌ ශ්‍රී ලංකා යුද හමුදාවට සහ ශ්‍රී ලංකා නාවික හමුදාවන් වෙත ලබාදී ඇත.
 
 කටුවාපිටිය ශාන්ත සෙබස්‌තියන් දේවස්‌ථානයට රුපියල් මිලියන 10 ක්‌, මඩකලපුව සියෝන් දේවස්‌ථානය සඳහා රුපියල් මිලියන 05 ක්‌, කොච්චිකඩේ ශාන්ත සෙබස්‌තියන් දේවස්‌ථානය සඳහා රුපියල් මිලියන 10 ක්‌ වශයෙන් අත්තිකාරම් මුදල් ලබාදී ඇත.
 

 

 

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles