Divaina - පාර්ලිමේන්තු කාරක සභාව මගින් දේශපාලන වාසි ලබාගැනීමට සැරසෙනවා - මහින්දානන්ද අලූත්ගමගේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය


ප‍්‍රතිත‍්‍රස්ත පනත ගෙනඒමෙන් සිදුවන්නේ ත‍්‍රස්තවාදීන්ට උඩගෙඩි දීමක් - සුසිල් පේ‍්‍රමජයන්ත



aluth gamaඅනුර බාලසූරිය

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මගින් ආණ්ඩුව උත්සාහ කරන්නේ පාස්කු ඉරිදා සිද්ධියේ චූදිතයන්ට දඬුවම් දීමක් නොව ඒ හරහා දේශපාලන වාසි ලබාගැනීමට යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවසීය.

විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ (12දා) පැවැති මාධ්‍ය හමුවේදී මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා,

රජයේ පාර්ශව දෙක අතර ඇතිවී තිබෙන ගැටුම හේතුවෙන් මුලූ රාජ්‍යයම අද අකර්මන්‍ය වෙලා. ලංකා ඉතිහාසයේ පළමු වරට ජනාධිපතිවරයා කැබිනට් රැස්වීම පවත්වන්නේ නැහැ. මෙයින් පෙනී යන්නේ මුළු රාජ්‍යයම ඇනහිට ඇති බවයි. 21 වැනිදා සිදුවූ ප‍්‍රහාරයෙන් කිතුනු බැතිමතුන් 250 ක් පමණ ඝාතනය වුණා. රජය එයට මුවාවෙලා මුළු රාජ්‍යයම ඝාතනය කිරීමට මේ වන විට කටයුතු කරගෙන යනවා.

කථානායකවරයා මේ වන විට ඔහුගේ හා එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රතිරූපය ගොඩනගා ගැනීමට ව්‍යවස්ථාදායකය උපයෝගී කරගන්නවා. 21 වැනිදා සිදුවූ සිද්ධිය පිළිබඳව විපක්‍ෂයක් වශයෙන් රිෂාඞ් බදුර්දීන් හිටපු ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා. මේ විශ්වාසභංග යෝජනාව ලබාදීමට ආණ්ඩුව කටයුතු කළේ නැහැ. ආණ්ඩුව එය දින 40 ක් ඉදිරියට කල්දැමුවා. කිරිඇල්ල ඇමැතිවරයා හා කථානායකවරයා පාර්ලිමේන්තු සම්ප‍්‍රදායන්ට අනුව විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්න ඉඩදුන්නා නම් මිනුවන්ගොඩ, කුලියාපිටියේ ඇතිවූ සිද්ධීන් ඇතිවන්නෙත් නැහැ. රතන හිමියෝ මාරාන්තික උපවාසයක් කරන්නෙත් නැහැ.

එය නොකර තේරීම් කාරක සභාවක් පත්කළා. මේ තේරීම් කාරක සභාවේ කෙරෙන කටයුතු වලින් පැහැදිලිව පේනවා මෙම චෝදනාව ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට අගමැති ප‍්‍රමුඛ ආණ්ඩුව උත්සාහ කරන බව. ඒක අසාද් සාලි දෙන සාක්‍ෂි දෙස බැලූවම පේනවා.

ඔහු සාක්‍ෂිදෙමින් කියනවා මේ පිළිබඳව 2015 සිට පැමිණිලි කලාලූ. කාත්තන්කුඩි ගෙවල් 120 ක් ගිනි තැබීම සම්බන්ධයෙන් පැමිණිලි කරලා පොලිසිය කටයුතු කරන්න ගිය විට කාත්තන්කුඩි පොලිසියේ ස්ථානාධිපතිවරයා මාරු කලා කියලා. ඒ වනවිට පොලිසිය භාර ඇමැතිවරයාව සිටියේ සාගල රත්නායක.

එහෙමනම් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා යන දෙදෙනාටම මේ ප‍්‍රශ්නයෙන් ගැලවෙන්න බෑ. දැන් තේරීම් කාරක සභාවට කට්ටිය ගෙනල්ල සාක්‍ෂිකැඳවමින් යනවා. පාර්ලිමේන්තුවේ නීතියක් තියෙනවා. යම් අධිකරණයක නඩු නිමිත්තක් තිබෙනවා නම් ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ කතා කිරීමට මැති ඇමැතිවරුන්ට අයිතියක් නෑ කියලා.

පසුගිය අපේ‍්‍රල් 21 වැනිදා පාස්කු ඉරිදා වූ සිද්ධිය පිළිබඳව අධිකරණයේ නඩු පහක් තිබෙනවා. මේ වනවිට ඒවා විභාගයට ගැනෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පහක් විභාගයට ගන්නා විට කථානායකවරයා සෙංකෝලය තිබෙන පාර්ලිමේන්තු රැස්වීම් ශාලාවේ නොවෙයි, කාමරයක තේරීම් කාරක සභාවක් මගින් මේ පිළිබඳව සාකච්ඡා කෙරෙනවා. මෙය පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට සම්පූර්ණයෙන්ම පටහැනියි.

මෙයින් පැහැදිලිව උත්සාහ කරන්නේ 21 වැනිදා සිද්ධියේ චූදිතයන්ට දඬුවම් දීම නෙවෙයි. මේ සිද්ධිය හරහා දේශපාලන වාසි ලබාගැනීමටයි. ආණ්ඩුව කටයුතු කරන්නේ. රිෂාඞ් බදුර්දීන්ට එරෙහිව අපි විශ්වාසභංග යෝජනාවක් ගෙනාවේ සාක්‍ෂි රැසක් සහිතවයි.

රිෂාඞ් බදුර්දීන්ට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කිරීම 12දා අවසන් වීමට නියමිතව තිබුණා. ඊයේ ඔහුගේ පැමිණිලි රැසක් ඉදිරිපත් කළා.

රිෂාඞ් බදුර්දීන් අන්තවාදයට හා ත‍්‍රස්තවාදයට සම්බන්ධ බවට වගකීමෙන් යුතුවයි අපි චෝදනා කරන්නේ. අපි මෙහෙම කියනවිට මුස්ලිම් ඇමැතිවරු සියලූදෙනා ඇමැතිධුරවලින් ඉල්ලා අස්වුනා. මෙමගින් සිංහල ජනතාව අතර මතයක් යනවා සියලූ මුස්ලිම් දේශපාලනඥයන් අන්තවාදීන් කියලා. මේ යන පණිවුඩය හොඳ නැහැ. කිසිකෙනෙක් රවුෆ් හකීම්, කබීර් හෂීම් ඇමැතිවරුන්ට චෝදනා කළේ නැහැ ඔවුන් ත‍්‍රස්්තවාදීන්ට හා අන්තවාදීන්ට උදව් කළ බවට. නමුත් ඒ අය මුස්ලිම් ජනතාව අතර සමාජගත කිරීමට උත්සාහ කළා. මුස්ලිම් සියලූ දෙනා එකට ඉන්නවා කියලා. මේ තමන්ගේ ඡුන්ද ගොඩවැඩිකර ගැනීමටයි. ඒකයි ඒ තුළින් මුස්ලිම් සමාජයට දුන් පණිවුඩය. මේක පැහැදිලි ලෙසම සිරිකොත රංගනයක්. අගමැතිවරයාගේ උපදෙස් මත මුස්ලිම් ඇමැතිවරු කළ රංගනයක්.

දැන් ඒ ඉවත්වූ අයට විශාල ප‍්‍රශ්නයක් වෙලා ඉවත්වූ ඇමැතිධුර නැවත ලබාගන්නේ කෙසේද කියලා.

මහානායක හිමිවරුන්ගේ ආශිර්වාදයෙන් ඇමැතිධුර ලබාගැනීමට ගිය ඒ මුස්ලිම් මන්ත‍්‍රීවරු බරපතල අර්බුදයකට පත්ව තිබෙනවා.

susilරිෂාඞ් බදුර්දීන්ට එරෙහිව තිබෙන චෝදනාවට මුහුණදීමට ඔහුට අවස්ථාව දීලා, ඉල්ලා අස්වූ ඇමැතිවරු නැවත ඒ අමාත්‍යාංශවල වැඩභාරගන්න කියා අපි නැවතත් ඉල්ලීම කරනවා.

ලෝකයේ අනෙක් රාජ්‍ය නායකයන්ට ආදර්ශයක් ලබාදී තිබුණා, රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා. ලෝකයේ රාජ්‍ය නායකයින් ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වන ආකාරය අප දැක තිබෙනවා. නමුත් අපේ අගමැතිවරයා ඉන්දීය අගමැතිවරයා ගමන්ගත් වාහනයේ ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වමින් ලෝකයට ආදර්ශයක් ලබාදුන්නා. පරිවාරක ඇමැති එළියට දාල අගමැතිවරයා බලහත්කාරයෙන් ඉන්දීය අගමැතිවරයාගේ වාහනයට නැගලා ද්විපාර්ශවීය සාකච්ඡා කරලා. ඉන්දීය අගමැතිවරයා අගමැතිවරයාට සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදුන්නේ නැහැ. මෙවැනි තත්ත්වයකටයි මේ ආණ්ඩුව මුහුණදී සිටින්නේ.

මේකට හොඳම විසඳුම පාර්ලිමේන්තු මැතිවරණය කියලා සමහරු කිව්වත් අපි කියන්නේ මේ අවස්ථාවේ හොඳම විසඳුම එය නොවෙයි. ඊට දිය හැකි හොඳම විසඳුම ජනාධිපතිවරණය බවයි. මේ වෙලාවේ පාර්ලිමේන්තු මැතිවරණයකට යාමෙන් සිදුවන්නේ නැවත මේ රට අස්ථාවර වීමයි. මේ අවස්ථාවේ රටේ ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් පෙනී සිටිය හැකි ශක්තිමත් ජනාධිපතිවරයෙක් රටට අවශ්‍යයි.

නැවත පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා, බහුතරයක් නැති අස්ථාවර ආණ්ඩුවක් හැදීමේ කිසිම ප‍්‍රතිඵලයක් නැහැ. ඒ නිසා මේ අවස්ථාවේ සුදුසුම මැතිවරණය ජනාධිපතිවරණයයි. මැතිවරණ කොමසාරිස් ප‍්‍රකාශ කර තිබෙන පරිදි නොවැම්බර් 23 හෝ 30 වනවිට ජනාධිපතිවරණය පැවැත්විය යුතු වෙනවා. එතෙක් ඉදිරි මාස දෙක තුන තුළ රටේ ඇතිවන බරපතල අර්බුදය වළක්වා ගත නොහැකියි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රමජයන්ත මහතා,

ඇමැති මණ්ඩල රැස්වීම පෙරේදා (11දා) පැවැත්වීමට නියමිතව තිබුණත් එය පැවැත්වී නැහැ. ආණ්ඩුව පැත්තෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඊයේ දිනයේත් මාධ්‍යයට විවෘතවයි පැවැත්වුණේ. ආණ්ඩුවේ දෙපාර්ශවය සිටින්නේ මත දෙකක. මේ නිසා ඇතිවී තිබෙන තත්ත්වය මොකද්ද? පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිටුපස සිටින්නේ කවුද? ඊට ආධාර අනුබල දුන්නේ කවුද? මෙවැනි ප‍්‍රහාරයක් නැවත වළක්වා ගන්නේ කෙසේද? අන්තවාදී සංවිධාන මැඬපවත්වන කළමනාකරණය කිරීම ආදී සියලූ කරුණු අද යටපත් වන තත්ත්වයට පත්වෙලා.

මේ ප‍්‍රහාරයේ ප‍්‍රතිඵලයක් ලෙස වින්දිතයන් වූ අහිංසක ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා. මේ අයට පිහිටවීමේ ආණ්ඩුවේ වැඩපිළිවෙළකුත් නැහැ. ප‍්‍රශ්න විසඳලාත් නැහැ. මේ ආණ්ඩුව කාලයේ වූ සිදුවීම් වල තවත් එක සිදුවීමක් හැටියට පත්වී තිබෙනවාද කියන සැකය ජනතාව තුළත් ආගමික නායකයන් තුළත් ඇතිවී තිබෙනවා.

රටේ තියෙන අනෙකුත් ප‍්‍රශ්න බලන්න. මහ බැංකු බැඳුම්කර වංචාව අද යටපත් වෙලා. රාජ්‍ය දේපළ විකිණීම, විදේශ මැදිහත්වීම් වලට අතවැනීම, ගිවිසුම් ඇතිකරගැනීම ආදී මේ රටේ ජනතාවගේ අභිලාෂයන්ට පටහැනිව යන සියලූ දේ රජය කරගෙන යනවා.

ඒ වගේම අපරාධ නඩු විධාන සංග‍්‍රහය සහ අපරාධ නීතිය සංශෝධනය කිරීමේ කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. මෙමගින් මාධ්‍ය මර්දනයක් කිරීමට සැරසෙනවා. නමුත් ආණ්ඩුවට මෙය මේ මාස කිහිපය තුළ කරගැනීමට හැකිවෙයි කියා සිතන්න අමාරුයි.

ප‍්‍රතිත‍්‍රස්ත පනත ගෙනඒමෙන් සිදුවන්නේ ත‍්‍රස්තවාදීන්ට උඩගෙඩි දීමක්. මෙමගින් ත‍්‍රස්තවාදීන්ගේ මානව හිමිකම් රැකෙනවා මිසක් වින්දිතයන්ගේ මානව හිමිකම් රැකෙන්නේ නැහැ කියලා අපි පෙන්වා දුන්නා. මේ ආණ්ඩුවට තිරසාර වැඩපිළිවෙළක් නැහැ.

ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර බරපතල වූ විරසකයක් ඇවිල්ලා. එය පිදුරු දමා ඇවිලීමට අපට අවශ්‍ය නැහැ. මෙය මේ රට ඉදිරියට ගෙනයාමට සුදුසු වාතාවරණයක් නොවෙයි. පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් අහිංසක ජීවිත 250 කට අධික සංඛ්‍යාවක් අහිමිවීම ඇතුළු ඒ හා සිදුවූ සියලූ තත්ත්වයට වගේම මූල්‍ය වෙළෙඳපොළ කඩාවැටීම කොටස් වෙළෙඳපොළ කඩාවැටීම ආදී මේ තිබෙන ප‍්‍රශ්න සමග රටේ අර්බුදයක් තිබෙන බව ලෝකයටම පෙනී යනවා. මේ තත්ත්වය දිගටම පවත්වාගෙන යා නොහැකියි.

වගකිවයුතු විපක්‍ෂයක් ලෙස අපි ඉදිරි දින කිහිපය තුළ යම් යම් තීන්දු තීරණවලට ඒමට බලාපොරොත්තු වෙනවා. එයින් මේ තිබෙන තත්ත්වය තවත් ඇවිලවීමට බලාපොරොත්තු වන්නේ නැහැ. අපට අවශ්‍ය අප ඉලක්ක කරන ප‍්‍රධාන මැතිවරණ පවත්වන තෙක් සාමකාමීව මේ ප‍්‍රශ්නය ඔඩුදුවන්නේ නැතුව පවත්වාගෙන යාමටයි. මේ ආණ්ඩුවේ අරමුණ මැතිවරණ නොපවත්වන තැනට රට පත්කිරීමයි. අපි ඒ උගුලට හසුවන්නේ නෑ. දැන් රටට අවශ්‍ය වෙන්නේ පවතින පාලනයේ වෙනසක්. ඒ වෙනස ඇති කිරීම සඳහා අවශ්‍ය සංවිධාන වැඩපිළිවෙළ, ප‍්‍රතිපත්ති සැලැසුම් කිරීමේ කටයුතු මේවන විට ඒකාබද්ධ විපක්‍ෂය අනෙක් සහෝදර පක්‍ෂ සමග කරගෙන යනවා.

රටේ ජාතික ආරක්‍ෂාව කිසිදු ආකාරයකින් දෙවැනි තැනට දාන්නේ නෑ. ජනවාර්ගීන් අතර තිබෙන අනවබෝධය. ආර්ථිකය කඩා වැටීම යන මේ සියල්ල තුලනය කරගෙන අපි ඉදිරියට යනවා. ජාතික ආරක්‍ෂාව පිළිබඳ වගකීම දැරිය හැකි කෙනෙකුයි ජනාධිපති ධුරයට පත්විය යුත්තේ.

ජනතාවට සහන ලබාදී රටේ සංහිඳියාවක් ඇති කළ හැක්කේ මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රමුඛ කණ්ඩායමටයි. එදා අපි ආණ්ඩුව පලවා හරින්න කටයුතු කරන විට ඊට විරුද්ධ කටයුතු කළ අයයි අද ආණ්ඩුව පලවා හරින්න කටයුතු කරන්නේ. මේවා දෛවයේ සරදම්.

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles