Divaina - ගෝලීය ත‍්‍රස්තවාදයට මුහුණ දීමට ජපානයේ පූර්ණ සහාය පළකරයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

japanගෝලීය ත‍්‍රස්තවාදයට මුහුණ දීම සඳහා ශ‍්‍රී ලංකාවට පූර්ණ සහාය ලබා දීමට ජපානය සූදානම් බව ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ටොෂිකෝ අබේ (Ms' Toshiko Abe) මහත්මිය ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවේ ප‍්‍රකාශ කළාය.
 
 ශ‍්‍රී ලංකාව සහ ජපානය අතර ආරක්‍ෂක ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධයෙන් ද දෙරටේ අවධානය යොමු වී තිබීම ජාත්‍යන්තර මට්ටමේ ත‍්‍රස්ත ක‍්‍රියා රටට කාන්දු වීම වළක්වාලීමේ වැදගත් පියවරක් වනු ඇති බව ද මෙහිදී අවධාරණය කෙරිණි.
 
 අග‍්‍රාමාත්‍ය වික‍්‍රමසිංහ මහතා සහ අබේ මහත්මිය අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අද (12 වැනි දා) පෙරවරුවේ කොළඹ අරලියගහ මන්දිරයේ දී පැවති අතර, එහිදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසූයේ ආරක්‍ෂක කටයුතු සම්බන්ධයෙන් ජපානය ලබා දෙන සහාය සම්බන්ධව ශ‍්‍රී ලංකාවේ කෘතඥතාව පළ කරන බවය. ඉන්දියාව, මාලදිවයින හා ශ‍්‍රී ලංකාව එක්ව ක‍්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන ප‍්‍රති ත‍්‍රස්ත සැලැස්ම සම්බන්ධයෙන් ඉන්දීය අග‍්‍රාමාත්‍ය ශ‍්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සමග පැවැත්වූ සාකච්ඡා සම්බන්ධයෙන් ද වික‍්‍රමසිංහ මහතා කරුණු පැහැදිලි කළේය.
 
 ශ‍්‍රී ලංකාවේ මාර්ග සංවර්ධනය ඇතුළු ක්ෂේත‍්‍ර කීපයක් සඳහාම ඉන්දියාව හා ජපානය සමග ඒකාබද්ධ සැලැස්මක් ක‍්‍රියාත්මක කරලීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණි.
 
 මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකාවේ ජපාන තානාපති අකිර සුගියාමා (Mr. Akira Sugiyama) මහතා, තානාපති කාර්ය මණ්ඩල නිලධාරී ටකේෂි ඔසාකි (Mr. Takeshi Ozaki) මහතා සහ ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් වන ටකහිරෝ ෂියෝටා (Mr. Takahiro Shiota), ටෙට්සු ඕ කිටාඩා (Mr' Tetsuo Kitada) යන මහත්වරුන් සහභාගි වූහ.

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles