Divaina - රිෂාඞ්ට, හිස්බුල්ලාට හා අසාද් සාලිට එරෙහිව පැමිණිලි 21 ක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය



වැඩිම පැමිණිලි රිෂාඞ්ට

සියලූ පැමිණිලි සීඅයිඞීයට
div rishad


හේමන්ත රන්දුණු, ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ ලසිත දුමින්ද

හිටපු අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් හා හිටපු ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි හා ඒ. එල්. ඒ. එම්. හිස්බුල්ලා යන අයට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිලි 21 ක් ලැබී තිබේ. 04 - පිටුවට

ඔවුන්ට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ලබාදී තිබූ කාලය ඊයේ (12දා* අවසන් විය. ඒ අනුව එම පැමිණිලි ඊයේ සවස 3.00 දක්වා භාරගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ‘‘දිවයින” ට පැවැසීය.

මෙහිදී රිෂාඞ් බදුර්දීන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව පැමිණිලි 11 ක්ද හිටපු ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලිට එරෙහිව පැමිණිලි 5 ක් ද, හිස්බුල්ලාට එරෙහිව පැමිණිලි 2 ක් ද ලැබී තිබූ බව ද හේ කීය.

අසාද් සාලි ආණ්ඩුකාරවරයාට එරෙහිව අජිත් ප‍්‍රසන්න, නීතිඥ පේ‍්‍රමනාත් සී. දොලවත්ත, උපුල් රංජිත් යන මහත්වරුන් විසින් පැමිණිලි ඉදිරිපත් කර තිබුණි.

හිස්බුල්ලා ආණ්ඩුකාරවරයාට එරෙහිව පැමිණිලි නීතිඥ පේ‍්‍රමනාත් සී දොලවත්ත මහතා හා පාහියංගල ආනන්ද සාගර හිමියන් විසින් සිදුකර තිබිණි.

මොවුන් සියලූ දෙනා අවස්ථා කිහිපයකදී මෙම පොලිස් මූලස්ථානයට පැමිණ පැමිණිලි භාරදුන්හ.

මෙම පැමිණිලි නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්න,මහජන අයිතීන් සුරැුකීමේ සංවිධානයේ කැඳවුම්කරු අසේල සම්පත්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. බී. දිසානායක, නීතිඥ පේ‍්‍රමනාත් සී. දොලවත්ත, පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල යන මහත්වරුන් විසින් කර තිබිණි.

අදාළ පැමිණිලි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකරන බව ද හෙතෙම වැඩිදුරටත් කීය.

අසාද් සාලි හිටපු ආණ්ඩුකාරවරයාට අයත් පවුලේ ව්‍යාපාරයකට රාජ්‍ය මුදල් යොදවා ඇති බවත්, ඔහුට එතරම් මුදලක් ලැබුණේ කෙසේද යන්න පිළිබඳවත් වහාම පරීක්‍ෂණයක් කළ යුතු බවට පිළිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා කීය.

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles