Divaina - ජනපති කැබිනෙට්ටුව රැස් නොකිරීම ව්‍යවස්ථා විරෝධී ක‍්‍රියාවක්-ඇමැති පාඨලී කියයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

p1 3ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලය රැුස් නොකිරීම ව්‍යවස්ථා විරෝධී වගකීම් විරහිත කටයුත්තක් බවත්, එමගින් ඔහු පාර්ලිමේන්තුව අභියෝගයකට ලක්කර ඇති බවත් ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඊයේ (12 වැනිදා) සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ මෙම ක‍්‍රියා කලාපය රාජ්‍ය, විධායකය හා ආණ්ඩුව හිතාමතා අකර්මණ්‍ය කිරීම බවත්,  එහි භයානක ප‍්‍රතිඵලයන්ට ඉදිරියේ දී ඔහුට මුහුණ දීමට සිදුවනු ඇති බවත් හෙතෙම පැවසීය.

ජනාධිපතිවරයා විසින් නිර්මාණය කර ඇති මෙම අර්බුදය වහා අවසන් කර කැබිනට් මණ්ඩලය ලබන අඟහරුවාදාට පෙර කැඳවා රට යථා තත්ත්වයකට පත් කිරීම සැමගේ වගකීමක් බවත් ඇමැතිවරයා කීවේය.

ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඊයේ (12 වැනිදා) එම අදහස් පළ කළේ බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

සිරිමන්ත රත්නසේකර

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles