Divaina - බුද්ධි නිලධාරීන් බව අඟවා අක්කරෙපත්තු නිවසකට සුද්දයක් දීලා - හමුදා නිලධාරියකු ඇතුළු 4 ක් දැලේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Div New365x90 SI

divaina banner new

ජාතික බුද්ධි කාර්යාංශයේ (එන්. අයි. බී) නිලධාරීන් යැයි කියමින් අක්කරෙපත්තුව ප‍්‍රදේශයේ මුස්ලිම් ජාතික කාන්තාවකට අයත් නිවසකට ඇතුළුවී එය පරීක්‍ෂා කරන මුවාවෙන් එහි තිබූ රුපියල් දහඅටලක්‍ෂයකට ආසන්න වටිනාකමෙන් යුත් රන් ආභරණ සහ මුදල් කොල්ල කෑ අක්කරෙපත්තු යුද හමුදා කඳවුරේ නිලධාරියකු ඇතුළු සිවුදෙනකු පොලිසිය මගින් පෙරේදා (11 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

මීට දින කීපයකට පෙර මෙම ප‍්‍රදේශයේ නිවාස පරීක්‍ෂා කිරීම සඳහා හමුදා මෙහෙයුමක් කි‍්‍රයාත්මක කර තිබූ අතර සැකකාර හමුදා සාමාජිකයාද එම මෙහෙයුමට සම්බන්ධ වී සිටි බව පොලිසිය පවසයි.

එම මෙහෙයුම කි‍්‍රයාත්මක වෙද්දී සැකකරු අදාළ නිවසට ගොස් එහි පදිංචිකරුවන් සහ ඔවුන් සතු වටිනා දේපළ පිළිබඳව සොයා බලා ඇත.

එම මෙහෙයුම අවසන් වී දින කීපයකට පසු පසුගිය 09 වැනිදා සැකකරු මහනුවර ප‍්‍රදේශයේ පදිංචි තවත් තිදෙනකුද සමග මෙම නිවසට පැමිණ ඇත්තේ තමන් එන්. අයි. බී නිලධාරීන් බව කියමිනි.

නිවස පරීක්‍ෂා කරන මුවාවෙන් එහි තිබූ රුපියල් දහ අට ලක්‍ෂයක් පමණ වටිනා රන් ආභරණ සහ මුදල් එකතු කරගෙන ඇති සැකකරුවන් පසුව හොර රහසේම පලාගොස් ඇත. සැකකරුවන් මෙම නිවසින් පලාගොස් ඇත්තේ එහි සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා පද්ධතියද ගලවා ගෙනය.

තම නිවස පරීක්‍ෂා කළ පුද්ගලයන් පිළිබඳව සැකපහල කළ නිවැසියන් පසුව මේ පිළිබඳව අක්කරෙපත්තුව පොලිසිය වෙත පැමිණිලි කර ඇත.

අම්පාර පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර, සහකාර පොලිස් අධිකාරි ජගත් සමරසිංහ යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ විමර්ශන පැවැත්වූ අක්කරෙපත්තුව පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ජයශීලන් මහතා ඇතුළු නිලධාරීන් විසින් මෙම සැකකරුවන් පැමිණි වෑන් රථය පිළිබඳ තොරතුරු සොයාගෙන තිබිණි.

එම වෑන් රථය ඔස්සේ විමර්ශන පැවැත්වූ පොලිසිය කොල්ලයට සම්බන්ධ හමුදා සාමාජිකයා ඇතුළු සැකකරුවන් සිවුදෙනා අත්අඩංගුවට ගත් අතර ඔවුන් කොල්ලකන ලද දේපළ අතුරින් රුපියල් ලක්‍ෂ 15 ක් පමණ වටිනා රන් භාණ්ඩ සහ මුදල්ද සොයාගෙන ඇත.

හේමන්ත රන්දුණු
 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles