Divaina - ඉන්දීය අගමැතිට කුඩය ඉහළීම ජනපතිගේ නිහතමානිත්වය නොවේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

ඉතිහාසයේ අපට තිබූ පෞඪත්වය අමතක වෙලා
 
ලසිත දුමින්ද සහ බිංගිරිය - සෝමසිරි ඒකනායක
 
 mytsaඉතිහාසයේ අපට තිබූ පෞඪත්වය අමතක වූ නිහීන නින්දිත ජාතියක් බවට අද පත්ව ඇති බවත්, වර්තමාන නායකයන්ටත් එම පෞඪත්වය කියන හැඟීම නොමැති බවත් ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.
 
 ජනාධිපතිවරයා ඉන්දීය අගමැතිවරයාට කුඩයක් ඉහළා සිටීම නොකළ යුතුව තිබූ දෙයක් බවත්, එය එතුමාගේ නිහතමානීත්වය උදෙසා කළ ක‍්‍රියාවක් ලෙස නොදකින බවත් හෙතෙම සඳහන් කළේය.බිංගිරිය මහගෙදර උත්සව ශාලාවේ 09 වැනිදා සංවිධානය කර තිබූ ‘රට සහ හෙට’ මැයෙන් ‘වියත්මඟ’ සම්මන්ත‍්‍රණයට එක්වෙමින් එසේ කී නාලක ගොඩහේවා මහතා වැඩිදුරටත් මෙසේ ද ප‍්‍රකාශ කළේය.
 
 ලෝකයේ අනික් හැමතැනම ත‍්‍රස්තවාදීන් ඉන්නවා. නමුත් ලංකාවෙන් ත‍්‍රස්තවාදය තුරන් කළ රටක් 2015 දී මේ රජයට භාර දුන්නේ. 2015 වනවිට සූරක්‍ෂිත රටක්, සංචාරක ව්‍යාපාරය ඇතුළු අංශවලින් දියුණු රටක් භාර දුන්නේ. එහෙම රටක පල්ලි තුනක, හෝටල් තුනක බෝම්බ පිපිරුණා. අපේ රටේ රාජ්‍ය නායකයන්ට තවමත් කියන්න බැහැ ඒක කොහොමද වුණේ කියලා. එදා ප‍්‍රභාකරන්ව පරාජය කරන්න ඇමරිකානු බුද්ධි අංශවල සහාය අවශ්‍ය වුණේ නැහැ. අද ඉන්න රාජ්‍ය නායකයන් කතා කරන්නේ විදේශ රටවලින් සහාය ගන්නයි. අධිරාජ්‍යවාදය මේක පිටුපස ඉන්නවා. ඔවුන් මාන බලන්නේ අපේ රටට එන්නයි. ඇමරිකාවට මීට කලින් උන්නදුවක් තිබුණේ මැද පෙරදිග රටවල් ගැනයි. අද මොකක්ද ඇමරිකාවට තිබෙන අමාරුව අපට උදව් කරන්න. අපට තිබෙන ආදරය කුමක්ද? ලෝකයේ ආර්ථික පාලනය ඇමරිකාවෙන් වෙනස් වෙමින් යනවා. ඒක වෙනස් කර ගන්නයි ඇමරිකාවට වුවමනා. ලංකාවේ ත‍්‍රිකුණාමලය ඔවුන්ට අවශ්‍යයි. දුර්වල නිවට පාලකයන් පත් කර ගත්තේ ඒ නිසයි. නිවට පාලකයන් ඉන්න විට නියෝග දෙන්න ඔවුන්ට පුළුවන්. මේ න්‍යාය පත‍්‍රය අද ඊයේ පටන් ගත් දෙයක් නෙමෙයි. 2010 දී ෆොන්සේකා දාලා මහින්ද රාජපක්‍ෂ පරාජය කරන්න උත්සාහ කළා. සිරිසේන මහතාව දාලා මහින්ද මහතාව ගෙදර යවලා ඔවුන්ගේ ඊළඟ න්‍යාය පත‍්‍රය සාර්ථක කර ගත්තා. ඇමරිකාව මේ විජයග‍්‍රහණයේ කොටස්කරුවන් වුණා. ඇමරිකානු ඩොලර් කෝටි ගණන් වියදම් කරලා තිබෙනවා රජය වෙනස් කරන්න. මහින්ද රජය වෙනස් කරන්න මුදල්, උපක‍්‍රම, සැලසුම් දුන්නා. එදා මුස්ලිම් ප‍්‍රශ්නය ඇති කළේ ඔවුන්. බෞද්ධ ජාතිවාදයක් ඇති කරලා සුළු ජාතීන්ව එකතැනකට ගොනු කළා. එහෙම කරලා තමයි ඔවුන් බලය ගත්තේ. එහෙම කරලා බලය ගත් යහපාලන රජය අවුරුදු හතරක් තිස්සේ රටට කුමක්ද කරලා තිබෙන්නේ කියා කවුරුත් දන්නවා. රට සහ ආර්ථිකය මුළුමනිින්ම විනාශ කරලා දැම්මා.
 
 හැම පැත්තෙන්ම අපිව වහල්ලූ බවට පත් කරලා. කෘෂිකාර්මික ක්‍ෂේත‍්‍රය දියුණු කළා. මත්තල මේ අය වී ගබඩා කළා. අද බඩඉරිඟු ආනයනය කරනවා. එළවළු ගණන් ගිහින්. කුඹුරු ගොඩ කරනවා. ජනතාව පිටරැුටිය මත යැපෙන වහල්ලූ බවට පත් කිරීමේ කොන්ත‍්‍රාත්තුව තමයි වත්මන් රජය ක‍්‍රියාත්මක කරන්නේ. මේ අයට රට හා අනාගත පරපුර ගැන හැඟීමක් නැහැ. හිටියත් ඔවුන් පරම්පරා ගණනකට සල්ලි හොරකම් කරලා ඉවරයි.
 
 ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා -
 
 ඉනමේ ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු බලවත් රටවල නායකයන්, නියෝජිතයන් වැලනොකැඞී ආවා. ඒ එන හැම නියෝජිතයෙක්ම කියන්නේ බලය බෙදන්න, නව ව්‍යවස්ථාවක් ගේන්න, යුද්ධය අවසන් කළ රණවිරුවන්ට දඬුවම් කරන්න කියලයි. ඒ ගමන තමයි දැන් යමින් සිටින්නේ. රටේ ආරක්‍ෂක හමුදා ත‍්‍රස්තවාදයට එරෙහි කළ සටනේදී මානව හිමිකම් කඩකළ බවට, යුද අපරාධ කළ බවට ඇමරිකාව මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආ යෝජනාව මේ රජය කැමැත්තෙන්ම පිළිගත්තා. සෙසු කණ්ඩායම් සහභාගි කරගෙන ජනතාව මුලා කරගෙන ජාත්‍යන්තරයට දුන් පොරොන්දු ඉටු කරමින් සිටිනවා. වක‍්‍ර මාර්ගයකින් අපේ රට විදේශ කොළනියක් කරා ගමන් කරමින් සිටිනවා.
 
 රටේ ස්වාධීනත්වය රැුක ගන්නවාද කියන අභියෝගය අප ඉදිරියේ තිබෙනවා. ස්වාධීනත්වය අහිමි කර ගන්නවාද? අධිරාජ්‍යවාදීන්ට යටත් වෙනවාද? ජාතීන් අතර අසමගියක් ඇති කරගෙන රට ලිබියාවක්, ඉරාකයක් කර ගන්නවාද? ලෝකයේ කිසිදු රටකට, ජාතියකට නැඟී සිටින්නට බැහැ ස්වාධීනත්වයක් නැතිව. එවැනි රටක ඔබේ ¥ දරුවන් ජීවත් වෙනවාද කියන ප‍්‍රශ්නය ඉදිරියේ පවතිනවා. මෙවර සටන අවුල් කරන්න විවිධ බලවේග ඇවිත් ඉන්නවා. මේ සටනින් රටට හිතවත් බලවේග පරාජය කරන්න විවිධ අවතාර ඉන්නවා. නිවැරදි කඳවුර තෝරාගන්න. රටේ ස්වාධීනත්වය, ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් පෙනී සිටින කඳවුර තෝරා ගන්න. නිවැරදි කඳවුර තෝරා නොගතහොත් වෙන්නේ අපේ විනාශයයි.

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles