Divaina - කුරුණෑගල රෝහලේ දොස්තරගේ සැත්කම්වලින් හානියක් වුණානම් කතුන්ගෙන් තොරතුරු ඉල්ලයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන ප‍්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකු විසින් කරන ලද සිසේරියන් සැත්කම් සහ නාරිවේද සැත්කම්වලින් තමන්ට කිසියම් ශාරීරික හානියක් සිදුවූයේ යැයි සැකකරන කාන්තාවන් සිටීනම් වහා පැමිණ ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනුම් දෙන ලෙස කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර මහතා ඉල්ලීමක් කරයි.
 
 මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වන කාන්තාවන්ගෙන් ලබාගන්නා තොරතුරු අනුව අදාළ වෛද්‍යවරයා සම්බන්ධ පරීක්ෂණ ඉදිරියට ගෙනයන බවද රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.
 
 කුරුණෑගල ශික්ෂණ රෝහලේ පෙරේදා (25 වැනිදා) පැවැති මාධ්‍ය සාකච්ඡුාවකදී රෝහල් අධ්‍යක්ෂවරයා මේ බව දැනුම් දුන්නේය.
 
 සිංහල කාන්තාවන් පිරිසකට වඳ සැත්කම් කළේ යැයි කුරුණෑගල රෝහලේ සේවය කරන ජ්‍යෙෂ්ඨ මුස්ලිම් වෛද්‍යවරයකුට එරෙහිව චෝදනාවක් එල්ලවී ඇතැයිද වීරබණ්ඩාර මහතා පැවසීය. එම වෛද්‍යවරයා සැකකටයුතු ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාවක් යටතේ කුරුණෑගල පොලිසිය විසින් දැනටමත් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. වඳ සැත්කම් කිරීම සම්බන්ධයෙන් එම වෛද්‍යවරයාට එරෙහිව එල්ලවී ඇති චෝදනා සොයා බැලීම සඳහා මේවනවිට රෝහල් මට්ටමෙන් පරීක්ෂණයක් අරඹා ඇති බැවින් සැකයක් පවතින කාන්තාවන් සිටීනම් රෝහල වෙත ඉදිරිපත් වන ලෙසද කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර මහතා ඉල්ලීමක් කළේය.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles