Divaina - රිෂාඞ්ගේ චෝදනා විමර්ශනයට තේරීම් කාරක සභාවක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

divaina banner new


 
 අකිත පෙරේරා
  risa135කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතා සම්බන්ධයෙන් පවතින චෝදනා විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු යැයි ආණ්ඩු පක්ෂය තීරණය කොට තිබේ. එලෙස පත් කරන තේරීම් කාරක සභාවකින් ඇමැතිවරයා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කිරීමෙන් අනතුරුව ඔහු වැරදිකරුවකු වුවහොත්, විපක්ෂය විසින් ඇමැතිවරයාට විරුද්ධව ගෙන එන විශ්වාසභංග යෝජනාවට පක්ෂ වීමට ද ආණ්ඩු පක්ෂය තීරණය කර ඇත.
 
 අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (21දා* පෙරවරුවේ පාර්ලිමේන්තු කමිටු ශාලාවකදී පැවති ආණ්ඩු පක්ෂ මන්තී‍්‍ර කණ්ඩායම් රැුස්වීමේදී මේ තීරණය ගෙන තිබේ.
 
 ඒ අනුව ඇමැතිවරයා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට මෙම විශේෂ තේරීම් කාරක සභාව පත්කරන ලෙස කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටීමට තීරණය කළ බවද ආණ්ඩු පක්ෂ මන්තී‍්‍රවරයෙක් ‘දිවයින’ට කීය.

 

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles