Divaina - හිටපු ඞීඅයිජී නාලකට ඇප; විදෙස්ගත වීම තහනම්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

gotathanks19

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය



ඒ. ජේ. ඒ. අබේනායක

nalaka444

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ඇප ලබාදීමෙන් පසුව අධිකරණයෙන් නික්ම ගිය අයුරු. ඡුායාරූප - ගාමිණී මුණසිංහ

ප‍්‍රභූ ඝාතන කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මාස 7 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර භාරයේ පසු වූ ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ හිටපු නියෝජ්‍ය පොලිස්පති කෞෂාල් නාලක ද සිල්වා මහතා මුදල් හා ශරීර ඇප මත මුදා හැරීමට කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (21 දා* පස්වරුවේ නියෝග කළේය.

රුපියල් 25,000 මුදල් ඇප හා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහළ සැකකාර නාලක ද සිල්වා මහතා විදේශගතවීම වළක්වමින් නියෝගයක් ද නිකුත් කළ මහෙස්ත‍්‍රාත්වරයා එම නියෝගය වහාම ආගමන විගමන පාලකවරයා වෙත යැවීමට ද නියෝග කළේය.

ඇප ලබා ගැනීමෙන් පසුව පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට හෝ පැමිණිලිකාර නාමල් කුමාරට කිසිදු ආකාරයකින් බලපෑම් නොකරන ලෙසට ඇප කොන්්දේසියක් ද මහෙස්ත‍්‍රාත්වරයා එහිදී පනවනු ලැබීය.

සැකකරුට එරෙහිව එල්ල වී ඇති චෝදනා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ සංශෝධිත පනතේ විශේෂ විධි විධාන යටතේ නොගැනෙන බවට නිගමනය කළ මහෙස්ත‍්‍රාත්වරයා ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා ලංකා දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ ගැනෙන චෝදනා බවට නිගමනය කරමින් එම ඇප නියෝගය නිකුත් කළේය.

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ට උතුරු නැගෙනහිර ප‍්‍රදේශයේදී ප‍්‍රහාරයක් එල්ල කර ඝාතනය කිරීමට සැකකාර නාලක සිල්වා මහතා සැලසුම් කර ඒ බව නාමල් කුමාර නමැත්තා සමඟ සාකච්ඡුා කළ බවට ලැබුණ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වා සැකකාර නාලක සිල්වා මහතාව අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

එකී ඝාතන කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන මේ දක්වා අවසන් වී නොමැති බවත් සැකකරු ඇපමත මුදා හැරීමෙන් ඉදිරි විමර්ශනවලට බාධා එල්ල විය හැකි බවත් පෙන්වා දුන් ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සැකකරු මුදා නොහරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

හිටපු උසස් පොලිස් නිලධාරියකු වන සැකකරු මුදා හැරීමක් සිදු කළහොත් පැමිණිල්ලට හා පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට දැඩි බලපෑමක් එල්ල විය හැකි බව එහිදී පෙන්වා දුන් රංජිත් මුණසිංහ මහතා නාලක සිල්වා මහතා මෙයට වසර දෙකකට පෙර ත‍්‍රස්ත විමර්ශන ඒකකය භාරව රාජකාරි කළ සමයේ ප‍්‍රබල පාතාල කල්ලි නායකයකු වන මාකඳුරේ මධුෂ් නමැත්තාට දුරකථන ඇමතුමක් ලබාදී ඔහුව හමුවීමට අවශ්‍ය බව ප‍්‍රකාශ කොට ඇතැයි ද පෙන්වා දුන්නේය. ඒ සමයේම ඔහු යටතේ සේවය කළ පොලිස් නිලධාරියකු අවස්ථා 7-8 කදීම මාකඳුරේ මධුෂ් නමැත්තා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වී සාකච්ඡුා කොට ඇති බව මේ වනවිට සිය දෙපාර්තමේන්තුව භාරයේ සිටින මාකඳුරේ මධුෂ් නමැත්තා ලබාදුන් ප‍්‍රකාශ අනුව පැහැදිලි වන බව ද ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

එකී ඝාතන කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් සැකකාර නාලක ද සිල්වා මහතාට එරෙහිව ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කි‍්‍රයා කරන්නේ ද යන කරුණු මේ දක්වා නිශ්චිත කර නැති බව නීතිපතිවරයා විසින් තම අධිකරණයට ඉදිරිපත් කළ කරුණු අනුව පැහැදිලි වන බවත් එකී ඝාතන කුමන්ත‍්‍රණය කළ බවට සැකකරුට එරෙහිව කිසිදු සාක්ෂියක් හෝ පරවේෂණිය සාක්ෂියක් මේ දක්වා ඉදිරිපත් වී නොමැති බවත් මහෙස්ත‍්‍රාත්වරයා පෙන්වා දුන්නේය.

සැකකරුට එරෙහිව ඉදිරිපත් වී ඇති එකම සාක්ෂිය වනුයේ නාමල් කුමාර නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප‍්‍රකාශය පමණක් බවත් එම ප‍්‍රකාශය ද හඬපට මගින් හෝ සනාථ කර නොමැති බවත් එහිදී පෙන්වා දුන් මහෙස්ත‍්‍රාත්වරයා ඒ අනුව ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකකාර නාලක ද සිල්වා මහතාව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීම අසාධාරණ කි‍්‍රයාවක් බව තම අධිකරණයට පෙනී යන්නේ යැයි ද පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තුව විසින් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්මත කරනු ලැබුවේ එවකට පැවැති එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදය මැඬලීමේ අරමුණින් බවත් සිය ඇප නියෝගය මගින් පෙන්වා දුන් මහෙස්ත‍්‍රාත්වරයා 2009 වසරේදී එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදය අවසන් වීමෙන් පසුව එම පනත පිළිබඳව අවිනිශ්චිතතාවයක් පැන නැඟුන බව ද පෙන්වා දුන්නේය.

ත‍්‍රස්තවාදය යන්න කුමක්දැයි එම පනත යටතේ නිර්වචනය කිරීමක් සිදු නොකිරීම නිසා විමර්ශන නිලධාරීන්ට එම පනතින් විශාල බලයක් ලැබීම මගින් එය අත්තනෝමතික භාවිතා කිරීමක් සිදුවන බව තම අධිකරණයට පෙනී යන බව ද පෙන්වා දුන්නේය.

එම ඝාතන කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් අනාවරණය කළ නාමල් කුමාර විත්තිකරු වී මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටීම ඉතා අසාධාරණ බව නීතිඥ අජිත් ප‍්‍රසන්න මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

එම නඩුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප‍්‍රගතිය ලබන ජුනි 26 වැනිදා යළි අධිකරණයට වාර්තා කරන ලෙසට ද මහෙස්ත‍්‍රාත්වරයා එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

නීතිඥ මධුර වෙල්ගම, හරිත් හෙට්ටිආරච්චි, නලින් පතිරණ, අතුල මල්වත්තගේ ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ මහතා විත්තිය නියෝජනය කළේය.

 

 

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles