Divaina - රනිල්ට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම ඉවත දමයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

gotathanks19

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය


 



සරත් ධර්මසේන

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා, රාජ්‍ය ආයතන කීපයකට සේවාවන් සපයන ‘ලේක්හවුස් පි‍්‍රන්ටර්ස්’ නමැති පෞද්ගලික සමාගමේ කොටස්කරුවකු බැවින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුරයක් දැරීමට ඔහු සුදුස්සකු නොවන බවට තීරණය කර ඔහුගේ මන්තී‍්‍ර ධුරය අවලංගු කරමින් ‘රිට්’ ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම අභියාචනාධිකරණය ඊයේ (21 වැනිදා* ප‍්‍රතික්‍ෂේප කළේය.

කොළඹ මහ නගර සභාවේ පොදු පෙරමුණේ මන්තී‍්‍රවරියක වන ෂර්මිලා ගෝනවල මහත්මිය මෙහි පෙත්සම්කාරියයි.

ඇගේ පෙත්සම සලකා බැලීම සඳහා අභියාචනාධිකරණය හමුවේ කැඳවූ මුල් දවසේම අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු පෙත්සමේ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු පෙත්සමේ අඩුපාඩු රැුසක් පෙන්නා දෙමින් පෙත්සමට මූලික විරෝධයක් මතු කළහ.

ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ නීතිඥවරුන් දින ගණනාවක් කරුණු ඉදිරිපත් කළ අතර විත්තිය මතු කළ මූලික විරෝධය පිළිගනිමින් පෙත්සම විභාග කිරීමෙන් තොරවම ප‍්‍රතික්‍ෂේප කිරීමට තීරණය කළ බව අභියාචනාධිකරණය ඊයේ ප‍්‍රකාශයට පත් කළේය.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කොටස්කරුවකු හා අධ්‍යක්‍ෂධුරයක් දැරූ ලේක්හවුස් පි‍්‍රන්ටර්ස් ඇන්ඞ් පබ්ලිෂර්ස් පෞද්ගලික සමාගම ගාස්තු අය කර ලංකා බැංකුවේ චෙක්පත් මුද්‍රණය කිරීම ඇතුළු සේවාවන් සැපයූ බවට පෙත්සමෙන් චෝදනා කළත් ඒ සඳහා ආයතන දෙක අතර ගිවිසුමක් තිබූ බව සනාථ කිරීම සඳහා ගිවිසුමේ පිටපතක් පෙත්සම සමග උසාවියට ඉදිරිපත් නොකිරීම, උසාවියට ඉදිරිපත් කර තිබූ තවත් ලියකියවිලි කීපයක් නිසියාකාරව සහතික කර නොතිබීම සහ ලියවිලි කීපයක පිටපත් සත්‍ය පිටපත් බවට නීතිඥයකු විසින් සහතික කර නොතිබීම යන හේතූන් මත පෙත්සම විභාග නොකර අහක දැමිය යුතු යැයි විත්ති පාර්ශ්වය මූලික විරෝධය මතු කරමින් ඉල්ලා සිටියහ.

ශිරාන් ගුණරත්න සහ පි‍්‍රයන්ත ප‍්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම සලකා බලන ලදී.

ඊයේ ප‍්‍රකාශයට පත් කළ තීන්දුව ලියා තිබුණේ විනිසුරු මඬුල්ලේ සාමාජික විනිසුරු ශිරාන් ගුණරත්න මහතා විසිනි.

ජනාධිපති නීතිඥ කනක් ඊශ්වරන් සහ අධිනීතිඥ සුරේන් ප‍්‍රනාන්දු යන මහත්වරු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටියහ.

පෙත්සම්කාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉහලගේ මහතා පෙනී සිටියේය.

ඊයේ ප‍්‍රකාශයට පත් කළ මෙම නඩු තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් (ඇපෑලක්* ගොනුකරන බව පෙත්සම්කාරිය වන ෂර්මිලා ගෝනවල මහත්මිය ‘දිවයින’ට පැවසුවාය.

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles