Divaina - මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ඞීඑන්ඒ ගැළපේ ; රජයේ රස පරීක්‍ෂක තහවුරු කරයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

divaina banner new


සමන් ගමගේ
 
rasa පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය එල්ල කරනු ලැබූ මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදීන් සියලූ දෙනාගේ ඞීඑන්ඒ සාම්පල ඔවුන්ගේ පවුලේ සමීපතමයන්ගේ ඞීඑන්ඒ සාම්පල සම`ග සැසෙ`දන බව රජයේ රස පරීක්‍ෂකවරයා විසින් තහවුරු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවසීය.
 
 මෙම ප‍්‍රහාරය එල්ල කළ කණ්ඩායමට නායකත්වය දුන් මොහොමඞ් කාසිම් මොහොමඞ් සහරාන්ගේ ඞීඑන්ඒ සාම්පල ඔහුගේ දියණියගේ සහ බිරි`දගේ ඞීඑන්ඒ සාම්පල සමග සැසඳෙන බවට රස පරීක්‍ෂකවරයා තහවුරු කර ඇත. ඒ අනුව සහරාන් මියගිය බව ස්ථිර වන බව ද රුවන් ගුණසේකර මහතා ස`දහන් කළේය.
 
 කොළඹ කිංග්ස්බරි සහ ෂැංගි‍්‍රලා හෝටල් තුළදී බෝම්බ පුපුරවා ගත් ඉල්හාම් අහමඞ් සහ ඉන්සාෆ් අහමඞ්ගේ ඞීඑන්ඒ සාම්පල දැනට අත්අඩංගුවේ පසුවන ඔවුන්ගේ පියා වන මොහොමඞ් ඊබ‍්‍රාහිම්ගේ ඞීඑන්ඒ සමග සැසෙ`දන බවද තහවුරු වී ඇත.
 
 කටුවාපිටිය සහ කොළඹ කොච්චිකඬේ දේවස්ථානවලදී බෝම්බ පුපුරවා ගත් අච්චි මොහොම්මදු මොහොම්මදු හස්තුල් සහ අලව්ඞීන් අහමඞ් මුවාත් යන ත‍්‍රස්තවාදීන්ගේ ඞීඑන්ඒ සාම්පල ඔවුන්ගේ දෙමාපියන්ගේ ඞීඑන්ඒ සමග සැසඳෙන බවද අනාවරණය වී තිබේ.
 
 දෙහිවලදී මරාගෙන මැරෙන ප‍්‍රහාරය එල්ල කළ අබ්දුල් ලතීෆ් ජමීල්ගේ ඞීඑන්ඒ සාම්පල ඔහුගේ බිරිඳ සහ දරුවන්ගේ ඞීඑන්ඒ සමග සැසෙ`දන බව මෙම විමර්ශනයේදී හෙළිවී තිබෙන බවද රුවන් ගුණසේකර මහතා පැවසීය.
 
 මඩකලපුව කිතුනු දේවස්ථානයේ මරාගෙන මැරෙන ප‍්‍රහාරය එල්ල කළ මොහොමඞ් නසාර් මොහොමඞ් අසාත්ගේ ඞීඑන්ඒ සාම්පල ඔහුගේ මවගේ ඞීඑන්ඒ සමග සැසඳෙන බව මෙහිදී අනාවරණය වී ඇති අතර, කොළඹ කිංස්බරි හෝටලයේදී බෝම්බ පුපුරවා ගත් මොහොමඞ් අසාම් මොහොමඞ් මුබාරක්ගේ ඞීඑන්ඒ ඔහුගේ බිරිඳගේ සහ දරුවන්ගේ ඞීඑන්ඒ සමග ගැළපෙන බවද රස පරීක්‍ෂකවරයා වාර්තා කර ඇත.
 
 මෙම බෝම්බ ප‍්‍රහාර අතරතුර එදින පස්වරුවේ
 
 දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි නිවසකදී බෝම්බ පුපුරවා ගැනීම් දෙකක් වාර්තා වූ අතර එහිදී මියගොස් සිටි මොහොමඞ් ෆාතිමා ජිෆ්රි නමැති කාන්තාව සහ දරුවන් තිදෙනා ෂැංගි‍්‍රලා බෝම්බ ප‍්‍රහාරය එල්ල කළ ත‍්‍රස්තවාදියා වූ මොහොමඞ් ඉල්හාම් අහමඞ්ගේ බිරිඳ සහ දරුවන් බවද මෙම විමර්ශනයේදී හෙළිවී ඇත.

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles