Divaina - තමන්ගේ දූෂණ වසාගන්න ජනපති, අගමැති පස්සේ ගිය අය අද අපට අවලාද නගනවා ; අනුර කුමාර දිසානායක

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

divaina banner new

අජිත් අලහකෝන්, කුෂාන් සුබසිංහ

 
 anura135ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව හරහා ජවිපෙ අගමැතිවරයාට කඬේ යනවා යැයි අවලාද නගන්නේ තම තමන්ගේ වංචා දූෂණ වසා ගන්න රනිල් වික‍්‍රමසිංහ සහ මෛත‍්‍රිපාල සිරිසේන පස්සේ දිව ගිය අය යැයි අනුර කුමාර දිසානායක මහතා ඊයේ (21දා* ප‍්‍රකාශ කළේය.
 
 පාර්ලිමේන්තු කමිටු ශාලාවක පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීය.
 
 ආණ්ඩුවක් වෙනස් කළ යුත්තේ ක‍්‍රම දෙකකට. එකක් ජනතාව විසින් මැතිවරණයකින්. අනෙක් ක‍්‍රමය තමයි පාර්ලිමේන්තුවෙන්. පාර්ලිමේන්තුවට හැකියාව තියෙනවා ආණ්ඩුවක් වෙනස් කරන්න. ඒ අවස්ථාවට තමයි අපි මේ විශ්වාසභංග යෝජනාවක් උපයෝගි කර ගන්නේ.
 
 අපි ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ඊළ`ග පාර්ලිමේන්තු සතියේ විවාදයට ගැනිමට හැකිවේ යැයි විශ්වාස කරනවා. ඒකාබද්ධ විපක්‍ෂය විසින් රිෂාඞ් බදුර්දීන් ඇමැතිවරයාට විරුද්ධව මේ වන විටත් විශ්වාසභංග යෝජනාවක් භාරදී තිබෙනවා. මේ විශ්වාසභංග යෝජනා දෙක අතර කිසිදු පටලැවිල්ලක් සිදුවන්නේ නැහැ.
 
 තම තමන්ගේ වංචා සහ දූෂණ වසා ගන්න මාරුවෙන් මාරුවට ජනාධිපතිවරයාගේත් අගමැතිවරයාගේත් ඇමැතිවරුන්ගේත් පසුපස ගිය අය අපට අවලාද නගනවා ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් ඉදිරිපත් කරලා ජවිපෙ අගමැතිවරයාට කඬේ යනවා කියලා. යම් හෙයකින් රිෂාඞ් බදුර්දීන් ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ජවිපෙ විසින් ගෙන ආවා නම් මේ අය අපිට චෝදනා කරයි රනිල් වික‍්‍රමසිංහව රකින්න අපි සියලූ වැරදි රිෂාඞ් පිට දමලා විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවා කියලා. දැන් ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනාවාම කියනවා රනිල් වික‍්‍රමසිංහව බේරා ගන්න ජවිපෙ ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා කියලා.
 
 ඒකාබද්ධ විපක්‍ෂය රිෂාඞ්ට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවේත්, ජවිපෙ ආණ්ඩුවට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවේත් හරය කියවා බලන ලෙස අපි ජනතාවට කියනවා. පාස්කු ප‍්‍රහාරයට අදාළ සමස්ත සිදුවීමේම වරද ආණ්ඩුවේ. මේ අය තනි තනි අය පස්සේ යන්නේ වෙන වුවමනාවකට.
 
 ඒකාබද්ධය මින් පෙර අවස්ථා කීපයකදීම විශ්වාසභංග යෝජනා ගෙන ආවා. ඒවා ගෙන ආ දෑත් කොතරම් අපිරිසිදු වුණත් ජවිපෙ ජනතාවගේ පැත්තේ සිට ඊට සහාය දුන්නා. ඒත් මහින්ද රාජපක්‍ෂ පවා ඒ විශ්වාසභංග යෝජනාවලට ඡුන්දය පාවිච්චි නොකර ම`ග හැරියා.
 
 අප කිසි දිනක අපරාධකරුවන් ආරක්‍ෂා කරන්නේ නැහැ. රිෂාඞ් බදුර්දීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාද කරද්දී අපි හොරුන්ට මිනීමරුවන්ට එරෙහිව අපේ මතය ප‍්‍රකාශ කරනවා.
 
 මේ පාස්කු ප‍්‍රහාරයේ මූලික වගඋත්තරකරු වන්නේ ජනාධිපතිවරයායි. නමුත් ජනාධිපතිට එරෙහිව ගෙන ආ යුත්තේ දෝෂාභියෝගයකුයි. දෝෂාභියෝගයක් ස`දහා අවම මන්්ත‍්‍රීවරුන් හැත්තෑ පස්දෙනකුගේ අත්සන් අවශ්‍යයි. එය පවතින තත්ත්වය අනුව අසීරුයි. ඒ නිසායි අපි සමස්ත ආණ්ඩුවටම එරෙහිව මේ විශ්වාසභංග යෝජනාව ගෙන එන්නේ.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles