Divaina - ඇමරිකාව සමග සියලූ ගිවිසුම් මැතිසබයට ඉදිරිපත් කරන්න

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

divaina banner new

  අජිත් අලහකෝන් - කුෂාන් සුබසිංහ
 
amaඇමරිකාව සමග ආණ්ඩුව අත්සන් කිරීමට සුදානම් වන සහ අත්සන් කළ ගිවිසුම් සියල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා ඊයේ (21 දා* පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේය.
 
 කථානායකවරයාගේ අවසරය මත විශේෂ ප‍්‍රකාශයක් කරමින් වීරවංශ මහතා මතු කළ මෙම ප‍්‍රශ්නයට විදේශ ඇමැති තිලක් මාරපන මහතා විසින් අද (22 දා* පිළිතුරු දෙනු ඇතැයි මුලාසනයේ සිටි කරු ජයසූරිය මහතා කීවේය.
 
 විමල් වීරවංශ මහතා - ඇමරිකාව සම`ග සෝෆා ගිවිසුම අත්සන් කර තිබෙනවා. මේ ගිවිසුමෙන් තානාපති මුක්තිය ලැබෙනවා. තවත් ගිවිසුමකින් රට අභ්‍යන්තරයේ කඳවුරක් වුණත් හදන්න පුළුවන්.
 
 ඒ අතර අක්කර ලක්‍ෂ ගණනක රටේ ඉඩම් ඇමරිකාවට අත්පත් කර ගත හැකි මිලේනියම් චැලේන්ජ් ගිවිසුම අත්සන් කරන්න සුදානම් වෙනවා. මේවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න.
 
 සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා - ගිවිසුම මුළින් අත්සන් කළේ ගෝඨාභය රාජපක්‍ෂ. ගෝඨාභයගෙන් මෙය ඇසිය යුතුයි ඇයි 2007 මෙය අත්සන් කළේ කියා. සෝෆා ගිවිසුම තවම සාකච්ඡුා කරනවා.
 
 විමල් වීරවංශ මහතා - ගෝඨාභය කාලේ පිටු 10 ක ගිවිසුමක් අත්සන් කළා. ඒ ඇමරිකානු නැව්වලට තෙල් ගහන්න, ආහාර දෙන්න දැන් ඒ පිටු දහයේ ගිවිසුම පිටු අසූවකින් අත්සන් කරනවා.
 
 සභානායක - මේ ගිවිසුම් යාවත්කාලීන කළ යුතුයි.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles