Divaina - මද්‍රසා පාසල් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ; අගමැති රනිල් වික‍්‍රමසිංහ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

gotathanks19

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය


 
 අකිත පෙරේරා
 
 rana134ෂරියා විශ්වවිද්‍යාලවලට අනුමැතිය නොදීමටත් මද්‍රසා අධ්‍යාපන ආයතන අධ්‍යාපන අමාත්‍යංශය යටතට ගෙන ක‍්‍රියාත්මක කිරීමටත් පියවර ගන්නා බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා (20 දා* අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡුාවකින් අනතුරුව පැවසීය.
 
 නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලය සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සිදු කරන ලද විමර්ශනයෙන් පසු සකස් කළ වාර්තාව ගැන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආශූ මාරසිංහ මහතා (20 දා* දින දහවල් අරලියගහ මන්දිරයේදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා දැනුම්වත් කළ අතර, ඉන් අනතුරුව ඒ පිළිබඳව මාධ්‍ය වෙත කරුණු දක්වමින් වික‍්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.
 
 එහිදී තවදුරටත් අදහස් දැක්වූ වික‍්‍රමසිංහ මහතා මෙසේ ද කීය.
 
 ෂරියා විශ්වවිද්‍යාලයට අපි අනුමැතිය දෙන්නේ නැහැ. එහෙම බලයකුත් නැහැ. අපට හැකි වන්නේ උපාධි ආයතන අනුමත කිරීමට පමණයි. මෙය ෂරියා විශ්වවිද්‍යාලයක් ලෙස පවත්වාගෙන යා නොහැකි බවට නීතියෙන් ප‍්‍රකාශයට පත් කළ යුතුයි.
 
 මේ සඳහා විශ්වවිද්‍යාල පනතේ 9(අ* කොටස සංශෝධනය කළ යුතුයි. බංගලාදේශ නීතියට අනුව ඒ අය එය හඳුන්වන්නේ පුද්ගලික විශ්වවිද්‍යාල ලෙසයි. ආගම, කුලය ගැන සලකන්නේ නැතිව වෙනත් පිළිගත් පදනමක් මත ශිෂ්‍යයන් ඇතුළත් කළ යුතු බව එහි පස්වැනි වගන්තියේ සඳහන් වනවා.
 
 මේ අනුව මෙම කරුණු සහ පාලක මණ්ඩලය හා ඒ පාලක මණ්ඩලයේ සුදුසුකම් හා එහි වැඩකොටස් සිදු කිරීමට අවශ්‍ය කරුණු කිහිපයක් සංශෝධනයට ලක් කෙරෙනවා. එමෙන්ම මේ සම්බන්ධව පාර්ලිමේන්තුවෙන් ලැබෙන යෝජනා ද සළකා බැලිය යුතුයි.
 
 මීට අමතරව මද්‍රසා අධ්‍යාපන ආයතන අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක‍්‍රියාත්මක විය යුතු බවට තීරණය කර තිබෙනවා. එහි ඇතැම් වැඩකටයුතු ගැන අධ්‍යාපන අමාත්‍යංශය හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශය එකතුවී ක‍්‍රියා කිරීමට සිදුවේවි.
 
 මෙහිදී මා විශේෂ කාරණයක් සිහිපත් කිරීමට කැමතියි. දැන් රටේ ආරක්ෂාව සාමාන්‍ය තත්ත්්වයට පත්ව තිබෙන බැවින් (21 දා* දින සිට සියලූ පාසල් විවෘත වෙනවා. තමන්ගේ පාසලට පැමිණ අධ්‍යාපන කටයුතුවල නියැළෙන ලෙස සියලූ පාසල් දරු දැරියන්ගෙන් මා ඉල්ලා සිටිනවා.
 

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles