Divaina - ඇමැති රිෂාඞ්ට එරෙහි විශ්වාසභංගයට දින නියම කර ගැනීමට ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමක් අද

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍ර කණ්ඩායමේ රැස්වීමක් අද (21දා) පෙරවරු 11.30 ට පාර්ලිමේන්තු කමිටු ශාලාවක පැවැත්වීමට නියමිතය. 04 - පිටුවට

එහිදී ආණ්ඩුවේ කටයුතු මෙන්ම ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතාට විරුද්ධව ගෙන එන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ගතයුතු කි‍්‍රයාමාර්ග ගැන සාකච්ඡුා වනු ඇත.

ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවේ ප‍්‍රධානතම කරුණක් වන දිනය වැරදි වුවත්, එය න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට කථානායකවරයා පියවර ගන්නේ නම් විශ්වාස භංග විවාදයට ළඟම දිනයක් දෙන්න සූදානම් බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ‘දිවයින’ට පැවසීය.

එක්සත් ජාතික පෙරමුණේ ඇමැතිවරුන්ට එරෙහි විශ්වාසභංගය පරාජය කිරීම රජයට මහලොකු කජ්ජක් නොවන බව පැවසූ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඒකාබද්ධ විපක්ෂය දිනය නිවැරදිව සටහන් කර විශ්වාසභංගයක්වත් ඉදිරිපත් කිරිමට නොහැකි තරම් බංකොලොත් වී ඇතැයි ද පැවසීය.

විශ්වාසභංගය වැනි වැදගත් ලියැවිල්ලක දිනය නිසි ලෙස ඉදිරිපත් කළ නොහැකි අවස්ථාවක එය ප‍්‍රතික්ෂේප කිරීම වැදගත් රාජ්‍ය ආයතනයක වගකීම බව ද ඇමැතිවරයා කීවේය. එහෙත් තමා දුටු විශ්වාසභංග යෝජනාවේ දිනය ලෙස 2018 මැයි 09 සඳහන්ව තිබුණේ යැයි ද, එය සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කළ හැකි වරදක් බවද කිරිඇල්ල මහතා පෙන්වා දුන්නේය.

විශාල වරදක් වුවද එය න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇතිනම් ළ`ගම දිනයක් විවාදය සඳහා ලබාදීමට සූදානම් බව ද ඇමැතිවරයා පැවසීය. ඒකාබද්ධ විපක්ෂ නඩයට යළි යන එන මං නැති වෙන ලෙස රිෂාඞ් බදුර්දීන් මහතාට එරෙහි විශ්වාසභංගය පරාජය කරන බවද ඇමැතිවරයා කීවේය.

අකිත පෙරේරා
 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles