Divaina - 18 සිට 20 දක්වා සීගිරි නැරඹීම නොමිලේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

sigiri1මෙම මස 18 වැනිදා සිට 20 වැනිදා දක්වා සීගිරිය පුරාවිද්‍යා පරිශ‍්‍රය හා කෞතුකාගාරය දේශීය සංචාරකයන් සඳහා නොමිලයේ නැරඹීමට අවස්ථාව සලසා දීමට මධ්‍යම සංස්කෘතික අරමුදල කටයුතු යොදා ඇත.

වෙසක් උත්සවය හා ජාතික කෞතුකාගාර දිනයට සමගාමීව මෙම අවස්ථාව දේශීය සංචාරකයන් සඳහා ලැබෙන අතර එම දිනයන් තුළදී සීගිරියේ කැණීම් තුළින් හමු වූ පුරාවස්තු ප‍්‍රදර්ශනයක් හා අධ්‍යාපනික වැඩසටහන් මාලාවක් ද කි‍්‍රයාත්මක කෙරේ.

වැඩි සංචාරක ආකර්ෂණයක් ඇතිවන අයුරින් සහ පරිසර හිතකාමී කලාපයක් ලෙස වර්තමානයේදී සීගිරිය පුරාවිද්‍යා පරිශ‍්‍රය සංවර්ධනය කර ඇත.

නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කෙරේ.

රසී වීරසිංහ

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles